පොඩි කාලේ කරපු පොඩි පොඩි වැඩ

•2009 නොවැම්බර් 12 • එක් ප්‍රතිචාරයක්

මේ ලිපිය ලියන්න හිතුනේ අපේ හිතවත් කතන්දරකාරයා ලියල තිබුන මං කවියෙක් වුන හැටි  කියෙව්වට පස්සෙ. මට මතක විදිහට මම මුලින්ම කවියක් ලිව්වෙ හය වසරෙ ඉද්දි පෝය දවස ගැන තමයි කවිය ලිව්වෙ. හය වසරෙ විතර ඉද්දි අපේ ප්‍රියතම පත්තරේ තමයි විජය පත්තරය, මමත් මේ කවිය විජය පත්තරේට තැපැල් කලා….ටික දවසකට පස්සෙ ඔන්න මේ කවිය විජය පත්තරේ පලවුනා ( අප්පේ සන්තොසෙ බෑ :) ) ඔන්න ඊටත් දවස් ගනනකට පස්සෙ අපේ ඉස්කෝලෙ බාරෙ මගෙ නමට පෝස්ට් කාඩ් එකක් ආවා. ඒක එවල තියෙන්නෙ රජරට ගුවන් විදුලි සේවාවෙ පෝය දවසෙ විකාශය කරන ලමා වැඩ සටහනක නිෂ්පාදකවරියක්, මම විජය පත්තරේට ලියපු කවිය ඊලග පෝය දවසෙ හවස ළමා වැඩ  සටහනේ විකාශය වෙනව කියල තිබුනෙ. ඔන්න ඉතින් පෝය දවසෙ ගෙදර කස්ටියත් ඔක්කොම එකතු කරගෙන ඒ වැඩසටහන ඇහුව, බොහොම ලස්සනට තව ළමයෙක් මේ කවිය ගායනා කලා ( මට මාර හැපි :) ඇයි ඉස් ඉස්සරලාම ලියපු කවියනෙ ) ඔන්න ඊට පස්සෙ හත වසරෙ විතර ඉද්දි මම ලියපු කෙටි කථාවක් විජය පත්තරේ පලවුනා. ඊට පස්සෙත් කවි, කෙටි කථා කීපයක්ම ලිව්වා නමුත් ඒවා පත්තර වලට දාන්න හිතුනෙ නෑ……. මගේ කවිය සහ කෙටි කථාව පලවුන විජය පත්තර දෙක අදටත් මගෙ ලග තියනවා…… ඒව බලද්දි පොඩි කාලෙ කරපු පොඩි පොඩි වැඩ මතක් වෙනවා……. :)

බයකට නෙවේලු හිතේ පොඩි මෙවුව එකක්ලු

•2009 නොවැම්බර් 12 • ප්‍රතිචාර 3

ඔන්න මේ සිද්ධිය උනේ මේ අවුරුද්දෙ මාර්තු වල වගේ මගෙ මතකයේ හැටියට, ඒ කියන්නෙ ගිය සෙමිස්ටර් එකේ… අපිට ගිය සෙමිස්ටර් එකේ පොරොජෙක්ට් මැනේජ්මන්ට් කියල සබ්ජෙක්ට් එකක් තිබුන. මේකෙදි අපට කරන්න තිබුන ප්‍රොජෙක්ට් එක තමයි පේශන්ට් ඉන්ෆොමේශන් මැනෙජ්මෙන්ට් සිස්ටම් එකක් හදන්න. එක කන්ඩායම් ව්යාපෘතියන් ඉතින් අපි කීපදෙනෙක්  තව යාලුවෙක්ගෙ ගෙදරට එකතුවෙලා තමයි මේකෙ වැඩ කරගෙන ගියේ. දවල්ට ලෙක්චර්ස් තියන නිසා ගොඩක් වෙලාවට අපි රෑට තමයි ප්‍රොජෙක්ට් එකේ වැඩ කලේ. ඉතින් අපි එක එක වෙලාවට තමයි යාලුවගෙ ගෙදරට යන්නෙ ( මොකද එක එකාගෙ වැඩ ඉවර වෙන වෙලාවල් වෙනස්නෙ ) අපේ එක යාලුවෙක් ඉන්නව ලකා කියල, ඔන්න අපි දවසක් රෑ වැඩ කර කර ඉද්දි රෑ 10.30 ට විතර ලකා මගෙත් එක්ක හිටපු අනෙක් යාලුවට (මිනිහට අපි කියන්නෙ සූකිරි කියල ) කෝල් කලා…..

සූකිරි:- මේ උබ එන්නෙ නැද්ද බං??
ලකා:-  එනව එනව ඒත් මචන් පොඩි අවුලක් තියනව
සූකිරි:- කියපන් මොකක්ද සීන් එක
ලකා:- මචන් වැලිවිට හන්දියට වරෙන්කො
සූකිරි:- මේ වද දෙන්නෙ නැතිව වරෙන් බං මල වාතේ
ලකා:- අඩෝ එහෙම කරන්න එපා බං අනේ උබල දෙන්න වරෙල්ලකො
සූකිරි:- හරි හරි ඔහොම හිටපන් අපි එන්නම්

මේ අතරෙදි ලකාගෙ බොඩිමෙ ඉන්න තව යාලුවෙක් මට කෝල් කලා…

ජොයියා:- අඩෝ ලකා ආවද බං
මම :- තාම නෑ අපි ඌව එක්කන් එන්න හන්දියට යන ගමන් ඇයි මුකුත් අවුලක්ද??
ජොයියා:- තාම නම් අවුලක් නැතිව ඇති… ලකා බෝඩිමෙන් එන්න ඉස්සරල හොල්මන් කතා කියල ඌව බය කලා… ඊට පස්සෙ අද රෑ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්න යන්න බෑ කියල ඌ නවතින්න හදද්දි මම බලෙන්ම එවුවෙ… පොඩ්ඩක් බලපන් ලකා හොදටම බයවෙලා ඇත්තෙ
මම :- අපොයි උබ ගම කාලනෙ ඒක තමා ඌ අපිට එන්න කියන්න ඇත්තෙ…..

ඔන්න ඉතින් මමයි සූකිරියි හන්දියට යද්දි පාර අයිනෙ ලයිට් කණුවක් යටට වෙලා ලකා ඉන්නවා….. ඌ දැකපු ගමන් අපි දෙන්නට හිනාව නවත්ත ගන්න බැරි උනා…

මම:- ලකා මොකෝ බං අපිට එන්න කිවුවෙ???
ලකා:- නෑ මේ නිකන් බං උබල දෙන්න නිකන් ඉන්න නිසයි එන්න කිවුවෙ
සූකිරි:-ආ ඒක මිසක් නැතිව බයකට එහෙම නෙවේ නේද??
ලකා:- පිස්සුද බං
සූකිරි:- ආ එහෙමද අපිට ජොයිය කිවුව උබට බයයි කියල අද එන්නත් බෑ කියල කිව්ව කියල
ලකා:- මේකයි බං බයකට නෙවේ මං උබලට එන්න කිව්වෙ පාරෙ තනියම එද්දි හිතේ පොඩි මෙව්ව එකක් ආව ඒකයි උබල දෙන්නට එන්න කිව්වෙ

ඔන්න ඔහොමයි අපේ ලකාගෙ වැඩ.. අපි තාමත් දන්නෙ නෑ ලකා පාරෙ එද්දි උට ඇතිවෙච්ච මෙව්ව එක මොකක්ද කියල ලකාම තමයි ඒක දන්නෙ :) සුප්පාගේ හොරර් ‍ෆිල්ම් බැලීමේ කලාව ඇතුලු තවත් හොල්මන් කතා ඉදිරියේදී බලාපොරොත්තුවන්න………. :)

පුබ්බට යකෙක් ගහලලු!!!!

•2009 නොවැම්බර් 8 • ප්‍රතිචාර 3

මේ කථාව මට අහන්න ලැබුනෙ අපේ කැම්පස් එකේම යාලුවො කට්ටියක්ගෙන්. සිද්දිය වෙලා තියෙන්නෙ  මාලබේ අපේ කැම්පස් එක කිට්‍ටුව තියන බොඩිමකයි. මේ බෝඩිම ටිකක් විතර පාලුවට ගියපු තැනක්, ළගපාත තව ගෙවල් එහෙමත් නැති පාලු පැත්තක තමා තියෙන්නෙ, අපේ මිත්‍රයෙක් ඉන්නවා පුබ්බා කියල පුබ්බා කිව්වට මිනිහගෙ නම පුබුදු ඉතින් දවසක් රෑ පුබ්බයි තව යාලුවෙකුයි බෝඩිමේ ඉද්දී එක පාරම පුබ්බා විකාරයෙන් වගේ කියවන්න පටන් අරන්, බිත්ති වලට දොරවල් ජනෙල් වලට ගහනවලු ටිකවෙලාවක් බලන් ඉදල පුබ්බව නවත්තන්න හදපු පුබ්බගෙ යාලුවටත් පුබ්බා ගහල බැරිමතැන පුබ්බගෙ යාලුවා ලග තිබුන බෝඩිමකට ගිහින් ඒකෙ හිටපු කොල්ලො සෙට් එකකුත් එක්කන් ඇවිත්. උන් ටිකත් ෆුල් ට්‍රයි එකක් දීල පුබ්බව යතා තත්වෙට ගන්න.

           ඒත් ඉතින් වැඩේ හරි ගිහින් නැහැ, පුබ්බ විකාරයෙන් වගේ කියනවලු තමාගෙ නම නිහාල් කියල තවත් විස්තර වගේකුත් කිව්වලු. අපේ යාලුවො ටිකත් හොදටම බයවෙලා. කාටවත් කොන්ට්‍රොල් නැති නිසා පුබ්බව ගැට ගහල කිට්‍ටුව තියන පන්සලකින් ස්වාමින් වහන්සෙ කෙනෙක් වඩම්මගෙන ඇවිත්. ඊට පස්සෙ මේ ස්වාමින් වහන්සෙ පිරිත් එහෙම කියල ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි පුබ්බට සිහි කල්පනාව ඇවිත් තියෙන්නෙ. අනේ ඉතින් සිද්ද වුන කිසිම දෙයක් පුබ්බට මතක නෑලු.ඒ ස්වාමින් වහන්සේ කියල තියෙන්නේ මළගිය ප්‍රාණකාරයෙක්ගෙ ආත්මයක් පුබ්බගෙ ශරීරයට ඇතුල්වෙලා තිබිල කියලයි, කොහොම නමුත් ඔය බෝඩිමේ සමහර වෙලාවට ජනෙල් දොරවල් ඉබේ ඇරෙනව වැහෙනවලු ( අගුලු දාල නැති ඒවා ) නාන කාමරේ කරාම ඉබේම ඇරෙනවලු වැහෙනවලු.

                                              ඔය හේතුන් නිසා පුබ්බයි අනෙක් කට්ටියයි ඔය බෝඩිම අත ඇරල වෙනත් බෝඩිමකට ගිහින්. දැන් ඒ බෝඩිමේ ඉන්නෙත් අපේම යාලුවො කට්ටියක්, මේ සෙමිස්ටර් එකේ ෆ්යිනල් එක්සෑම් එකට අපි පාඩම් කරන්න අපි සෙට් වුනේ මේ බෝඩිමට. මමත් මාසයක් විතර ඔය බෝඩිමේ හිටිය ඒත් අපිටනම් කලින් විස්තරකලා වගේ අත්දැකීම්වලට මුහුන දෙන්න සිද්දවුනේ නැහැ………. දැන් අපි මේ බෝඩිමට කියන්නෙ Ghost House කියල………..ඒකෙ හොල්මන් හිටියත් නැතත් පාඩම් කරන්න සෙට් වෙන්නනම් කියාපු තැන :)

හොල්මන්, අවතාර සහ අපට නොපෙනෙන ලෝකය

•2009 ඔක්තෝබර් 30 • ප්‍රතිචාර 5

හොල්මන් අවතාර ගැන අපේ ඔලුවට ඇතුලු වෙන්නෙ කුඩා කාලයේදිමයි. ඒ සමහර විට මිතුරන් මාර්ගයෙන් එහෙමත් නැත්නම්, ගෙදර කට්ටිය මාර්ගයෙන් තමයි අපිට මේ දේවල් ගැන අහන්නට ලැබෙන්නෙ. කොහොම උනත් ඉතින් ලොකු කුඩා කවුරුත් හොල්මන් අවතාර ගැන කථා අහන්න තියෙන්නෙ පුදුම කැමත්තක්නෙ. සමහර අය මේ හොල්මන් අවතාර දැකල තියනව කියලත් කියනවනෙ. විද්‍යාත්මකව ඔප්පුකරල නැති උනාට හොල්මන් අවතාර කියල දෙයක් ඇත්තටම තියනව වෙන්නත් පුලුවන්. මේ විදිහට හොල්මන් අවතාර ගැන මිනිස්සුන්ගෙ හිත්වල තදින්ම තැන්පත් වෙලා තියන නිසා තමයි. හොල්මන්,අවතාර ආශ්‍රිත කථා සම්බන්ද චිත්‍රපටි, නවකතා ආදී නිර්මාණයන් විශාල වශයෙන් නිපදවන්නෙ. සමහර විට ඔබත් හොල්මන් අවතාර පිලිබදව විශ්වාස කරනව වෙන්න පුලුවන්. සමහර විටක ඔබ හොල්මන් හෝ අවතාර දැකල තියනවත් වෙන්න පුලුවන්. සමහර ස්ථාන වල හොල්මන් අවතාර තියනව කියල අපිට අහන්න ලැබෙනව. පාලු ගෙවල්, සොහොන් පිටි වගේ තැන්වල හොල්මන් අවතාර ගැවසෙනව කියල බොහෝ දෙනෙක් විශ්වාස කරනව. ඔබත් සමහරවිට හොල්මන්, අවතාර දැකල තියනව වෙන්න පුලුවන්. සමහර විටක හොල්මන්, අවතාර පිලිබදව විශ්වාස කරනව වෙන්න පුලුවන්………… හොල්මන් සහ අවතාරගැන මම අහල තියන කතන්දර ටිකක් ඉදිරියේදි ලියන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම හොල්මන් අවතාර පිළිබදව ඔබ දරන මතය, ඔබ ලබා තිබෙන අද්දැකීම් ගැන දැනගන්නත් කැමතියි.

එලිය හා අදුර අතර ලෝකය

•2009 ඔක්තෝබර් 2 • ප්‍රතිචාර 6

 මගේ mobile phone එකෙන් ගත්ත ඡායාරූප කීපයක්. බලන්නකො හොදයිද කියල :)

DSC01658

DSC01663

DSC01654a

DSC01643

DSC01639a

ඒක UFO එකක්ද??

•2009 ඔක්තෝබර් 1 • ප්‍රතිචාර 6

මේක දැනට මාස තුනකට විතර කලින් වෙච්ච දෙයක්. එදා මමයි තව යාලුවෝ දෙන්නෙකුයි හවස 6.30ට විතර අපේ බෝඩිමේ ඉදන් හන්දියට ආවා රෑට කන්න කෑම අරන් යන්න. ඒ වෙලාවෙ කලුවර වැටිල සාමාන්‍ය දුරට අදුර පැතිරිලා තිබුනා. ඔන්න ඉතින් අපි තුන්දෙනා කථා කර කර පාරෙ යද්දි මම එකපාරටම දැක්ක සුදු පාට එලිය තියන බෝලයක් වගේ එකක් ඉතාමත් වේගයෙන් යනවා. කොහොමත් ඒක පේන්න තිබුනේ තත්පර කීපයක් විතරයි. ඒත් එක්කම් මගේත් එක්ක ගිය යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙකුත් ඒක දැක්ක කියල කිවුවා. ඊට විනාඩි 5කට විතර පස්සෙ අපි තුන්දෙනාම ආපහු පාරක් ඒ විදිහට සුදු පාට එලියක් තියන බෝලයක් වගේ එකක් වේගයෙන් අහසේ පාවෙලා යනවා දැක්කා. ඒකත් තත්පර කිහිපයක් විතරයි අපිට දැක ගන්න ලැබුනේ.අපිටනම් හරියට හිතාගන්න බෑ අපි දැක්කේ මොකක්ද කියලා.මොනව උනත් UFO කියන්නේ හදුනා නොගත් පියාසර වස්තු වලටනේ (Unidentified Flying Object) ඉතින් අපිත් ඒක මොකකද කියලා හදුනා ගත්තෙ නැති නිසා ඒක UFO එකක් වෙන්න ඇති කියල එහෙම්මම ඒක ගැන හොයන එක අත ඇරල දැම්මා.

අයියා වඩේ කමුද??

•2009 සැප්තැම්බර් 30 • ප්‍රතිචාර 6

මම පොඩිකාලේ අපේ පවුලේ හැමෝම වගේ මට කිව්වේ “අයියා” කියලා. මට අයියා කියනවට පොඩිකාලෙ මම මාර විදිහට ආසයිලු. ඒ හින්දා මට වඩා වයසින් වැඩි මගේ ඤාති සහෝදර සහෝදරියන් පවා මට කියන්නේ “අයියා” කියල. මේ සිද්දිය වෙද්දී මට වයස අවුරුදු තුනක් හතරක් විතර ඇතිලු. ඔනන දවසක් අපේ ලොකු අප්පච්චි මම අපේ ගෙදර ඉදන් එයාලගෙ ගෙදර එක්ක යනකොට බස් එකට වඩේ විකුනන මනුස්සයෙක් නැගල තියනවා. ඉතින් මේ මනුස්සය බස් එක ඇතුලේ වඩේ විකුනගෙන ඇවිත් මමයි ලොකු අප්පච්චියි හිටිය තැනට ඇවිත් තියනවා. ඊට පස්සේ අහල තියනව “අයියා වඩේ කමුද ?” කියල. මේක  කියපු ගමන් මම වඩේ කූඩෙට අත දාල වඩේ එකක් අරන් කාලා :) . වෙලා තියෙන්නේ මේක යි වඩේ විකුනපු මනුස්සයා ලොකු අප්පච්චිගෙන් අහල තියෙන්නේ අයියා වඩේ කමුද?? කියල. මම ඕක දන්නෙ නෑනෙ පවුලෙ හැමෝම මට අයියා කියන නිසා මම හිතල තියෙන්නේ වඩේ විකුනන මනුස්සයා කිවුවෙ මට කියලා. අදටත් මම ලොකු අප්පච්චිලාගේ ගෙදර ගියාම ලොකු අම්මයි, ලොකු අප්පච්චියි විහිලුවට අහනවා “අයියා වඩේ කමුද?? ” කියලා. :)

අපි නොදන්න “ඇබකස් “

•2009 සැප්තැම්බර් 29 • ප්‍රතිචාර 3

180px-Boulier1

මේක ගිය සෙමිස්ටර් එකේ final exam එකට පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. අපි ඒ දවස්වල යාලුවෙක්ගෙ බෝඩිමක කුප්පියකට සෙට් වෙලා හිටියේ. කොහොමත් 15ක් 20ක් විතර එදා කුප්පියට ඇවිත් හිටියා.අපේ යාලුවෙක් ඉන්නවා හෙන පන්ඩිතයා මිනිහා නොදන්න දෙයක් නෑ දන්න දේකුත් නෑ .අපි මිනිහට ඇග දාස කියල තමයි කියන්නේ, ඒකටත් හේතුවක් තියනවා අපේ යාලුවා ජිම් එකට යනවා ඉතින් ඒ හින්දා සද්දන්ත ශරීර කූඩුවක් තියනව මිහිහට  ඔන්න ඔය හේතුව නිසා තමයි ඔය කාඩ් එක අපේ මිත්‍රයට ලැබුනේ.ඔනන කට්ට්ය පාඩම් කර කර ඉදිදී එක යාලුවෙක් කිව්වා ” මචන් මේ ලගදි මම exhibition එකක් බලන්න ගියා ඒකෙ ඇබකස් එකේ ඉදන් අලුත්ම computer එකට එනකම් හැම දෙයක්ම තිබුනා ” කියලා. එතකොටම අපේ ඇග දාස කිව්වා අප්පෝ උබ ඇබකස් එක එදාද දැක්කේ කියලා. පස්සෙ ඔය විස්තරේ කියපු යාලුවට මල පැනල ඇහුවා……… ඔව් ඇයි උබ දැකල තියනවද කියලා??? ….. අහ් උබ කියන්නේ මම දැකලා නෑ කියලනෙ………. ඇබකස් එක කියන්නේ මේ කාමරේටත් වඩා හෙන ලොකූ එකක්…….අඩෝ අපි ඕව බැලුවේ චූටි කාලෙ කියල කිව්වා………ඕක අහගෙන හිටපු අපේ කට්ටියට බකස් ගාල හිනා….. මුල්ම කාලෙ හදපු computer වල ප්‍රමානය ලොකුයිනේ…… සමහර ඒවා කාමර කීපයක් තරම් ලොකුයි කියනවනේ, අපේ ඇගදාස හිතල තියෙන්නේ ඇබකස් එක කිව්වේ ඒ වගේ එකකට කියල. ඇත්තටම ඇබකස් එක කියන්නේ ගනකරාමුව වගේ එකකටනේ. ඉතින් ඊට පස්සේ අපේ ඇග දාසව හදුන්වන්නේ ඇබකස් කියලයි. ඉතින් මිහිහා මොනව හරි කියපු ගමන් අපි “අහ්….. එතකොට ඇබකස් කියන්නේ මේ කාමරේටත් වඩා ලොකු එකක් කියලනෙ උබ කියන්නේ” කියල කියපු ගමන් ඇග දාස එක පාරටම අතුරුදහන් වෙනවා…………….. :)

ඕව ඔහොම තමයි :)

•2009 සැප්තැම්බර් 25 • ප්‍රතිචාර 3

Lovers_by_scorpnivanමේ කථාව අද උදේ වෙච්ච දෙයක්. මම උදේ කැම්පස් එකට ගියපු වෙලේ මගේ යාලුවෙක් හම්බ වුනා. ඉතින් මේ යාලුවත් එක්ක ආ ගිය කථා  කියව කියව ඉද්දී. මේ ලගකදී ඉදල අපේ යාලුවගේ හිතේ අපේ කැම්පස් එකේම ගෑනු ලමයෙක් ගැන අදහසක් තියනව කියල කියුවා. ෂා මරුනෙ….. කියල ඉතින් ඔන්න මමත් යාලුව කියන විස්තරේ අහගෙන හිටියා. ඉතින් මගේ යාලුව විස්තරේ ඔක්කොම කියල අද හවස ඒ ගෑනු ලමයව ගෙදර ඇරලන්න මූ යනව කියලත් කිවුවා. එතකොට උන් දෙන්නට පාඩුවේ කථා කර කර යන්න පුලුවන්නේ… කවුරුවත් උදැල්ල දාන්න එන්නෙත් නෑනෙ කියල තමයි අපේ එකා වැඩේ ප්ලෑන් කොරල තියෙන්නෙ. ඉතින් කොහොම හරි දැන් වෙලාව ගෙවිලා හවස් වරුවත් ආව….. ඔන්න එක පාරම අපේ එකා ගූගල් චැට් එකෙන් මට චැට් කරනවා.

යාලුවා : මගේ කෙල්ල වෙන එකෙක් එක්ක
මම : හප්පා G70 ( මේකෙ තේරුම දන්නෝ දනිති )
යාලුවා : ඔව් යකෝ!!
මම : ඕව ඔහොම තමා….. කවුද අපි දන්න එකෙක්ද??
යාලුවා : නෑ උන්ගේ එකෙක් ( කෙල්ලගෙ batch එකේ කොල්ලෙක් ) කොච්චර බොන්න ඕනිද මම??
මම : වැඩිය බොන්න එපා…. නොබීම හිටපන්…… :)
යාලුවා : එල මමනම් බොයි…..
මම : දැන් කොහෙද ඉන්නෙ උබ??
යාලුවා: පොල් රාජගෙ බෝඩිමේ ( කැම්පස් එකේ යාලුවෙක්ගේ බෝඩිමක් )
මම : එල එල :)

ඔන්න ඔහොම තමයි අපේ යාලුවගේ තුන් කුලුදුල් 14 වෙනි love එකත් හබක් වුනේ………………

මගේ ආදර කථාව……………….

•2009 සැප්තැම්බර් 7 • ප්‍රතිචාර 2

Always_Waiting_by_MPhilipPhotography

සිහිවේ නින්ද නැති මේ පාලු රෑ
මා නෙත් අවදියෙන්
ඔබගේ නුවන් සිහිවේ කිති කැවේ
මා නෙත් අවදියෙන්
නැතිදෝ වැටහෙන්නේ මා ආදරේ
මා තවම නොකියූ…….//

පිපී සැලෙනා විලේ තුරු මල් වලින්
සරසන්න ආදරියේ
දසන් පිපෙනා සිනා මුතු වැල්
ඔබේ ඔය රුව වඩයි සොදුරේ
අදුර නිවනා එලිය ගෙනෙනා
පහන් වැට වෙන්න මගෙ දිවියේ…….//

හමන සුලගේ ලෙලෙන කෙහෙරැල්
මවනා ඒ සොදුරු දසුනේ
මවෙත හෙලනා සොදුරු බැල්මෙන්
මහද මන් මත් කරයි ලදුනේ
මහද සොයනා සිහින කුමරී
නුබයි මාගේ නුවන් සොයනා…….//

මේ ගීතය මම ලියුවේ මීට අවුරුදදකට විතර කලින්. ගීතය ලියන්න හේතු පාදක වුනේ ගැහැනු ලමයෙක්. හ්ම්…… ඒ දවස් වල පිස්සුවෙන් වගේ ඒ ගෑනු ලමය ගැන හිත හිත හිටියා. ඇත්තටම කිවුවොත් මාර විදිහට ඒ ගෑනු ලමයට ආදරේ කලා. ඉදල ඉදල බලාගෙන ඉන්න බැරිම තැන මම මේ ගැන ඒ ගෑනු ලමයට කිවුවා…..ඔන්න ඉතින් ඊට පස්සේ එයා කතන්දර ගොඩාක් කියල අන්තිමටම කිව්වා කැමති නෑ කියලා :)   හ්ම්… කමක් නෑ ඉතින් එයා කැමති නැත්නම් මටත් මොකෝ කියල ඒක එහෙම්මම අත ඇරලා දැම්මා. මේ ගීතය ඒ දවස් වල ඒ ගෑනු ලමය ගැන හිතල ලියපු එක ගීතයක්.මගේ යලුවෝ කීපදෙනෙක් එකතුවෙලා පොඩි සංගීත කන්ඩායමක් හදාගෙන තියනවා. කට්ටියම එකතුවෙලා මේ ගීතයට තනුවක් දාල සංගීතය නිර්මානය කලා ඒ අය මේ මාසෙ 18 වෙනිදා මාලබේ SLIIT ආයතනයේ පැවත්වෙන SLIIT Talant show 2009 ප්‍රසංගයට මේ ගීතය ගායනා කරන්න සූදානමින් ඉන්නවා. අද හවස එයාලා පෙර පුහුනු වීම් කරනවා බලන්න ගියා. හිතුවට වඩා වැඩේ සාර්තකයි කියල හිතෙනවා…. අහ් ඒ ගෑනු ලමය මේ ලගදි දවසක වෙන පිරිමි ලමයෙක් එක්ක යනවා හම්බුනා… මොනව කරන්නද මාත් හිනා වෙලා ආව… ජීවිතේ හැටි ඔහොම තමයි :) අන්තිමේදි එයා වෙනුවෙන් සිංදුවක් හරි ඉතිරි වුනානේ…….. :)