මගේ බිසව්නේ අසාපන්
28 නොවැ 2010 ප්රතිචාර 2
in වර්ගීකරණය නොකළ
ගුණදාස කපුගේ තරම් ගීතයක රස දැනෙන්නට ගායනා කරන්නට හැකියාවක් තිබූ ගායකයෙක් තවත් නැති තරම්. කපුගේට රජරට සේවයට දඬුවම් ස්ථාන මාරුවක් ලබාදී කොළඹින් ඔහු ඉවත් කලත් පසු කලෙක කපුගේ නැවත කොළඹ එන්නේ රජ රටින් කලාකෙතට අංකුර කලාකරුවන් රැසක් හඳුන්වා දීමෙන් අනතුරුවය. අයියන්ඩියේ, දවසක් පැල නැති හේනේ, උල ලේනෝ, බිම්බරක් සෙනඟ, සබඳ අපි කඳු නොවෙමු ආදී ගී වලින් ජීවිතය මෙයැයි මතුකොට පෙන්වූ ඔහු ගායනා කල තවත් එවන්ම වූ ගීතයක් වූයේ මගෙ බිසවුනේ අසාපන් ගීතයයි. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ විශිෂ්ඨ ගේය පද රචනාවෙන්ද කපුගේගේ සංගීතයෙන් හා ඔහු විසින්ම ගායනාකළ මේ ගීතයෙන් විටක කපුගේගේ ජීවිතයද කියැවේ. අසා ඇති පරිද්දෙන් රත්න ශ්‍රී මේ ගීතයට තේමා කොටගෙන ඇත්තේ නාගරික පෙදෙසක ජීවත්වන ගුරුවරයෙකු හට දුෂ්කර පලාතකට ස්ථාන මාරුවීමක් ලැබුන පසු ඔහු සමඟ එහි යන්නට උත්සහ කරනා බිරින්දෑ හට එහි යන්නට ඔහු සමඟ නෝ එනා ලෙස කියන්නාවූ දෙබෙස ගීතයකට ගෙත්ත්ම් කිරීමක්ය.
මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී
මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ
නුඹ වන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම්දම්
මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ
නුඹ වන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
හිත සඳුන් තවරපන්නේ
මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රී දේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී
පායා ඇයි හිනැහෙන්නේ…. එපා නොවෙන සිංදුවක්
26 නොවැ 2010 ප්රතිචාර 4
in වර්ගීකරණය නොකළ
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේනම්
පුන් සඳ ඇයි හිනැහෙන්නේ
නැතිදා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ…
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයින් ඇයි නැටුවේ
ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳුලැලි නැති විටදී
ඕනෑ නෑ දියමන්තී
පායා ඇයි හිනැහෙන්නේ
මධුමතී හින්දි චිත්‍රපටියේ අඩංගුවූ Toote huve khawabon ne ගීතය
එච් ආර් ජොතිපාල ගායනා කල ගීතය
කසුන් කල්හාර ගායනා කල ගීතය
මිලින් රූපසිංහ ගායනා කල ගීතය
මිලින්ගෙ සින්දුව අහපු යාලුවෙක් මූනු පොතේ මෙහෙම දාල තිබ්බ “මේක තරමි REMIX වුන AND ඇහුවට ඵපා වෙන්නෙත් නැති සිංදුවක් නැති තරම්” ඇත්ත මේ තරම් REMIX වුන AND ඇහුවට ඵපා වෙන්නෙත් නැති සිංදුවක් නැති තරම්
Challengers සිංහල සිනමාවේ ගොන් පාට්
25 නොවැ 2010 ප්රතිචාර 10
in කාලීන
අද හෙට රිලීස් වෙන සිංහල ෆිල්ම් එකක් තියනව Challengers කියල. මමත් නිකමට වගේ යූ ටියුබ් එකේ බැලුව මේ ෆිල්ම් එකේ තියන සින්දු එහෙම කොහොමද කියල මුලින්ම බැලුවේ තිලින රුහුණුගේ කුෂාණි ගායනා කරන මදහස් පාලම සින්දුව අවුලක් නෑ අහන් ඉන්න පුලුවන් සින්දුවක්. ඔන්න suggestions තව වල තියනව තව සින්දු සෙට් එකක්ම මුලින්ම තිබ්බෙ Romeo කියල සින්දුවක් ඔන්න ඒකත් බලන්න පටන් ගත්ත මුල් තප්පර දෙකතුන යද්දිම මේ සින්දුව අහල පුරුදුයි වගේ තේරුනා හප්පා දැන්නෙ මීටර් එකට වැටුනේ 2006දි තිරගතවුන තෙලිගු චිත්‍රපටියක තියන සින්දුවක්නෙ මේක. චිත්‍රපටියේ නම Bommarillu කට්ටියට මතක ඇතිනෙ Boys දමිල චිත්‍රපටිය ඒ චිත්‍රපටියේ රඟපාන සිද්ධාර්ත් සහ ජෙනේලියා ඩී සූසා තමයි මේ චිත්‍රපටියේත් ප්‍රධාන චරිත රඟපාන්නේ. කලින් Bommarillu චිත්‍රපටියේ Romeo සින්දුව බලල තියෙන නිසා සිංහල චිත්‍රපටියේ Romeo සින්දුව බලද්දී මාරම අවුල් (හික් හික් වමනෙ යන්නත් ආව :p ) තෙලිගු සිංදුවෙ සිද්ධාර්ත් රංගනයේ යෙදෙන ආකාරය සහ සිංහල චිත්‍රපටියේ පුබුදු රංඟනයේ යෙදෙන ආකාරය හොදට බලන්න. මටනම් හිතෙන්නෙ පුබුදු හරිම අමාරුවෙන් තමයි සිද්ධාර්ත්ව කොපි කරන්න ට්‍රයි කරන්නෙ. කොහොම උනත් මමනම් තීරණයක් ගත්ත Challenger චිත්‍රපටිය බලන්නෙ නෑ කියල නිකන් මොකටද සල්ලි දීල ගොන් පාට් බලන්නෙ.
Challengers චිත්‍රපටියේ Romeo සින්දුව
Bommarillu චිත්‍රපටියේ Romeo සින්දුව
සිංහල චිත්‍රපටියට Challengers කියල නම දාන්න ඇත්තෙ හරියට කොපි කරන එකත් Challenge එකක් නිසා වෙන්න ඇති.


මේ අය මෙහෙම කියනවා