Challengers සිංහල සිනමාවේ ගොන් පාට්

අද හෙට රිලීස් වෙන සිංහල ෆිල්ම් එකක් තියනව Challengers කියල. මමත් නිකමට වගේ යූ ටියුබ් එකේ බැලුව මේ ෆිල්ම් එකේ තියන සින්දු එහෙම කොහොමද කියල මුලින්ම බැලුවේ තිලින රුහුණුගේ කුෂාණි ගායනා කරන මදහස් පාලම සින්දුව අවුලක් නෑ අහන් ඉන්න පුලුවන් සින්දුවක්. ඔන්න suggestions  තව වල තියනව තව සින්දු සෙට් එකක්ම මුලින්ම තිබ්බෙ Romeo කියල සින්දුවක් ඔන්න ඒකත් බලන්න පටන් ගත්ත මුල් තප්පර දෙකතුන යද්දිම මේ සින්දුව අහල පුරුදුයි වගේ තේරුනා හප්පා දැන්නෙ මීටර් එකට වැටුනේ 2006දි තිරගතවුන තෙලිගු චිත්‍රපටියක තියන සින්දුවක්නෙ මේක. චිත්‍රපටියේ නම Bommarillu කට්ටියට මතක ඇතිනෙ Boys දමිල චිත්‍රපටිය ඒ චිත්‍රපටියේ රඟපාන සිද්ධාර්ත් සහ ජෙනේලියා ඩී සූසා තමයි මේ චිත්‍රපටියේත් ප්‍රධාන චරිත රඟපාන්නේ. කලින් Bommarillu චිත්‍රපටියේ Romeo සින්දුව බලල තියෙන නිසා සිංහල චිත්‍රපටියේ Romeo සින්දුව බලද්දී මාරම අවුල් (හික් හික් වමනෙ යන්නත් ආව :p ) තෙලිගු සිංදුවෙ සිද්ධාර්ත් රංගනයේ යෙදෙන ආකාරය සහ සිංහල චිත්‍රපටියේ පුබුදු රංඟනයේ යෙදෙන ආකාරය හොදට බලන්න. මටනම් හිතෙන්නෙ පුබුදු හරිම අමාරුවෙන් තමයි සිද්ධාර්ත්ව කොපි කරන්න ට්‍රයි කරන්නෙ. කොහොම උනත් මමනම් තීරණයක් ගත්ත Challenger චිත්‍රපටිය බලන්නෙ නෑ කියල නිකන් මොකටද සල්ලි දීල ගොන් පාට් බලන්නෙ.

Challengers චිත්‍රපටියේ Romeo සින්දුව

 

 

Bommarillu චිත්‍රපටියේ Romeo සින්දුව

 

 

සිංහල චිත්‍රපටියට Challengers කියල නම දාන්න ඇත්තෙ හරියට කොපි කරන එකත්  Challenge එකක් නිසා වෙන්න ඇති.

ප්‍රතිචාර 10 (+add yours?)

  1. සංකල්පනා (රුවන්)
    නොවැ 25, 2010 @ 14:51:46

    ඔව් තව එකක් තාම රූගත කරනවා. නම සිංහාවලෝකනය. හැබැයි කථාව lagaan වෙන්න ඕනෙ මම ෆො‍ටෝස් දැක්ක.

    සිංහාලෝකනය නෙමේ මේවට නම් දාන්න ඕනෙ හෙලුවැල්ලේ 1, 2, 3, 4 කියල. ඇයි ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලා තිබ්බනම් අනුන්ගේ ඒව කොපි කර කර දාන්නේ නෑනේ?

    පිළිතුරු සැපයීම

  2. සරදියෙල්
    නොවැ 25, 2010 @ 15:29:59

    අයියෝ මම හිතුවේ මෙක පට්ට ෆිල්ම් එකක් වෙයි කියලා.. මම අදුරන නංගි කෙනෙකුත් මෙකේ රගපානවා.. (ඔන්න මම එකත් කියාගත්තා) :D lol
    ඇයි අප්පා මෙහෙම කොපි කරන්නේ

    පිළිතුරු සැපයීම

    • udanajeewantha
      නොවැ 25, 2010 @ 16:56:20

      ෆිල්ම් එකනම් පට්ට්ම කොපියක් වගේ අර නංගිගෙ ඇඩ් එකත් නරකම නෑ නමත් එක්කම දැම්මොත් තමයි වටිනාකම වැඩි හික් හික් :D

      පිළිතුරු සැපයීම

  3. සරදියෙල්
    නොවැ 25, 2010 @ 16:15:48

    ඔය ෆිල්ම් දෙකෙම එකම music director දන්නේ නෑ ඉන්නේ එකම lyrics එකම music නේ අප්පා :P
    ලොවෙත් නෑ අපේ එවුන් ගේ වැඩ

    පිළිතුරු සැපයීම

  4. dinesh
    නොවැ 25, 2010 @ 16:45:52

    මම සිංහල ‍ෆිල්ම් බලන්නෙ නෑ.ඒක හින්ද අවුලක් නෑ.

    පිළිතුරු සැපයීම

  5. Saman Rathnayake
    නොවැ 26, 2010 @ 03:25:47

    මම ඉන්නේ UAE වල. මගේ රූම් මේට් තමිල්නාඩු එක්කනෙක්. මම හැම වෙලේම සිරස, හිරු එෆ් එම් එක ඔන්ලයින් අහගන තමයි ඉන්නේ නිදියනකම්. ඒ යන සිංදු වලින් බාගේකට වඩා දෙමල සිංදු වල කොපි කියලා තමයි මගේ මිතුරා කියන්නේ. මුලින්ම සිංදුවේ මුල මියුසික් එක යද්දි මගේ යාළුවා කියන්වා ඒ සිංදුව තියන දෙමළ ෆිල්ම් එකේ නම. ඉරාජ්ගේ සිංදු වලින් 99%ක් ම එහෙමයි…අපේ කට්ටිය දෙමළා කියලා උන්ට බැන බැන උන්ගේම දේඅවල් කොපි කරලා තමන්ගේ වගේ සම්මානත් ගන්නවා.

    පිළිතුරු සැපයීම

  6. haree
    නොවැ 26, 2010 @ 15:41:29

    पागल श्रीलंकाई फिल्म उद्योग

    පිළිතුරු සැපයීම

    • udanajeewantha
      නොවැ 26, 2010 @ 15:53:03

      प्रतिलिपि बिल्ली :D

      පිළිතුරු සැපයීම

  7. MLS
    නොවැ 27, 2010 @ 22:39:43

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ අපේ නිර්මාණකාරුවන් කළේ මේ ඉන්දියානු අනුකරනයෙන් අපේ සිනමාව බේරගත්තු එකනේ.ඒත් අපි ආයෙම ඒ පැත්තටමයි යන්නේ…

    පිළිතුරු සැපයීම

  8. යකා
    නොවැ 28, 2010 @ 18:58:27

    wooooow…. මම නම් මේක බලනවාමයි. බලන්නකෝ අරයා කෝලංකාවේ ජූලියට් කියන ලස්සන……… සුවීට් ආනේ….

    තූ නොදකින්!!!

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.