මගේ බිසව්නේ අසාපන්

ගුණදාස කපුගේ තරම් ගීතයක රස දැනෙන්නට ගායනා කරන්නට හැකියාවක් තිබූ ගායකයෙක් තවත් නැති තරම්. කපුගේට රජරට සේවයට දඬුවම් ස්ථාන මාරුවක් ලබාදී කොළඹින් ඔහු ඉවත් කලත් පසු කලෙක කපුගේ නැවත කොළඹ එන්නේ රජ රටින් කලාකෙතට අංකුර කලාකරුවන් රැසක් හඳුන්වා දීමෙන් අනතුරුවය. අයියන්ඩියේ, දවසක් පැල නැති හේනේ, උල ලේනෝ, බිම්බරක් සෙනඟ, සබඳ අපි කඳු නොවෙමු ආදී ගී වලින් ජීවිතය මෙයැයි මතුකොට පෙන්වූ ඔහු ගායනා කල තවත් එවන්ම වූ ගීතයක් වූයේ මගෙ බිසවුනේ අසාපන් ගීතයයි. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ විශිෂ්ඨ ගේය පද රචනාවෙන්ද කපුගේගේ සංගීතයෙන් හා ඔහු විසින්ම ගායනාකළ මේ ගීතයෙන් විටක කපුගේගේ ජීවිතයද කියැවේ. අසා ඇති පරිද්දෙන් රත්න ශ්‍රී මේ ගීතයට තේමා කොටගෙන ඇත්තේ නාගරික පෙදෙසක ජීවත්වන ගුරුවරයෙකු හට දුෂ්කර පලාතකට ස්ථාන මාරුවීමක් ලැබුන පසු ඔහු සමඟ එහි යන්නට උත්සහ කරනා බිරින්දෑ හට එහි යන්නට ඔහු සමඟ නෝ එනා ලෙස කියන්නාවූ දෙබෙස ගීතයකට ගෙත්ත්ම් කිරීමක්ය.

මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ

නුඹ වන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම්දම්

මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ
නුඹ වන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
හිත සඳුන් තවරපන්නේ

මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රී දේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

ප්‍රතිචාර 2 (+add yours?)

  1. eldileepa
    නොවැ 29, 2010 @ 01:21:17

    මාත් කැමතිම ගායකයෙක්….

    P.S.
    ඒක නෙමෙයි මොකෝ මේ සින්දු ගැනම… මෙ දවස් වල මනෝ පාරක්වත් ගහගෙනද ඉන්නේ?

    පිළිතුරු සැපයීම

    • udanajeewantha
      නොවැ 29, 2010 @ 10:35:49

      ආයේත් අහල අපි ඉතින් හැමදාම මනෝ ලෝකෙනෙ ඉන්නෙ :D

      පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.