දෙසැම්බර් 22
22 දෙසැ 2010 ප්රතිචාර 6
in වර්ගීකරණය නොකළ
තාත්තා සහ අපේ පවුල සමඟ ගමේ කවුරුත් හිතවත්ය තාත්තාට ගමේ අය කිවේ අබේ මල්ලි කියාය. තාත්තා මියගොස් කාලයක් ගතවූ පසුව උවද ගමේ අයට තාත්තා තාමත් මතකය, අම්මාත් මමත් නංගීත් තාත්තාගේ මහ ගෙදරට ගිය සෑම විටකම තාත්තාගේ මිතුරන් අසල්වැසියන් හා රැකියා ස්ථානයේ අය පැමිණ අප හා කතාකර අපේ සුවදුක් විමසා යෑම පුරුද්දක් කරගෙන සිටියි. තාත්තා එදා බේදයකින් තොරව මිනිසුන් ඇසුරුකල ආකාරය නිසා නොවේනම් අද වනවිට ඔහුගැන මතකය හුදෙක් අපගේ මතකයක් පමණක්ම විය හැකිව තිබුණි නමුත් අදටත් තාත්තාගේ මතකය ඔවුන් තුලත් පවතී.
මට තාත්තා ගැන වැඩි මතකයක් නැත, තාත්තා හවසට කන්තොරුවේ සිට පැමිණ සෙල්ලම් කරමින් සිටිණා මටත් මගේ සහෝදරයෙකුටත් රස කැවිලි වගයක් බෙදා දුන් සැටි මට අදමෙන් මතකය. තාත්තා ගැන ඇති අනෙක් මතකයනම් තාත්තා මරා දැමූ දින තාත්තා රැගෙන යන්නට ජනතා විමුක්ති පෙරමුණේ මිනී මරුවන් පැමින අප නිවසට ඇතුලුවී කෑකෝ ගසා අපි බයකල හැටිය. එදා අප නිවසට පැමින තාත්තා බලෙන් රැගෙන යනවිට ඒ පිටු පසින් ගිය මගේ අම්මාත් ඇගේ බාල සොයුරාත් ඉදිරියේම ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරුවන් විසින් මගේ පියා ඝාතනයකර ඇත. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ඉහලින් කතා කරනා ජනතා විමුක්ති පෙරමුණේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එදා තිබුනේ කොහේද?
88-89 කාලයේ මෙලෙස මරා දැමූ අහින්සකයන් ගණන කොපමනක් වන්නට ඇතිද?? මා ද ඇතුලු සිංහලයන් ප්‍රභාකරන් ඇතුලු LTTEයට වෛර කරන්නේ කෙසෙද ඒ හා සමානවම මම විජේවීරට සහ ජනතා විමුක්ති පෙරමුණට වෛර කරමි.


මේ අය මෙහෙම කියනවා