දෙසැම්බර් 22

අද දෙසැම්බර් 22 මගේ ජීවිතේ අමතක කරන්නට බැරි දවසක්, ඒ 89 දෙසැම්බරයේ අද වගේ දවසක ජනතා විමුක්ති පෙරමුණේ මිනී මරුවන් මගේ තාත්තා මරා දැමූ නිසයි. මම දන්නා තරමට, මම අහල තියන විදිහට මගේ තාත්ත කාටවත් වරදක් කලේ නැති මනුස්සයෙක්. එහෙම කියන්නට හේතුව අද වෙනකන් කිසි කෙනෙකු මගේ තාත්තා ගැන වැරදි දෙයක් කියනවා මා අසා නැති නිසයි. තාත්තා ගැන මට ඇත්තේ සීමිත මතකයක් පමණි. මගේ සහෝදරියට තාත්තා ගැන කිසිදු මතකයක් නැතිවා විය හැක මා කිසි දිනක ඇගෙන් තාත්තා ගැන අසා නැත. තාත්තා මියයන විට මගේ වයස අවුරුදු හතරක් පමණද මගේ සහෝදරියට මාස අටක් පමණද විය. මගේ පියා සහ මව දෙදෙනාම රජයේ සේවකයන්ය, මගේ පියාගේ බාල සොයුරාද එවකට පොලිස් නිලධාරියෙකි. 89 භීෂණ කාලයේදී මගේ පියාගේ පවුලේ අයටද ජනතා විමුක්ති පෙරමුණෙන් හින්සාවක් වේයයි සිතූ මගේ මවගේ අම්මා අප පවුලේ සියලු දෙනාට අම්මාගේ මහ ගෙදර පදින්චියට පැමිනෙන්න යයි කිහිප විටකම පවසා ඇත නමුත් ඒ හැම අවස්ථාවකම තාත්තා කියා ඇත්තේ කවුරුත් මට තරහ කාරයන් නැහැ ඒ නිසා අම්මා බය වෙන්න එපා කියාය.එදා අත්තම්මා කියූ දෙය ඇසුවානම් අදටත් තාත්තා අපත් සමඟය.

තාත්තා සහ අපේ පවුල සමඟ ගමේ කවුරුත් හිතවත්ය තාත්තාට ගමේ අය කිවේ අබේ මල්ලි කියාය. තාත්තා මියගොස් කාලයක් ගතවූ පසුව උවද ගමේ අයට තාත්තා තාමත් මතකය, අම්මාත් මමත් නංගීත් තාත්තාගේ මහ ගෙදරට ගිය සෑම විටකම තාත්තාගේ මිතුරන් අසල්වැසියන් හා රැකියා ස්ථානයේ අය පැමිණ අප හා කතාකර අපේ සුවදුක් විමසා යෑම පුරුද්දක් කරගෙන සිටියි. තාත්තා එදා බේදයකින් තොරව මිනිසුන් ඇසුරුකල ආකාරය නිසා නොවේනම් අද වනවිට ඔහුගැන මතකය හුදෙක් අපගේ මතකයක් පමණක්ම විය හැකිව තිබුණි නමුත් අදටත් තාත්තාගේ මතකය ඔවුන් තුලත් පවතී.

මට තාත්තා ගැන වැඩි මතකයක් නැත, තාත්තා හවසට කන්තොරුවේ සිට පැමිණ සෙල්ලම් කරමින් සිටිණා මටත් මගේ සහෝදරයෙකුටත් රස කැවිලි වගයක් බෙදා දුන් සැටි මට අදමෙන් මතකය. තාත්තා ගැන ඇති අනෙක් මතකයනම් තාත්තා මරා දැමූ දින තාත්තා රැගෙන යන්නට ජනතා විමුක්ති පෙරමුණේ මිනී මරුවන් පැමින අප නිවසට ඇතුලුවී කෑකෝ ගසා අපි බයකල හැටිය. එදා අප නිවසට පැමින තාත්තා බලෙන් රැගෙන යනවිට ඒ පිටු පසින් ගිය මගේ අම්මාත් ඇගේ බාල සොයුරාත් ඉදිරියේම ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරුවන් විසින් මගේ පියා ඝාතනයකර ඇත. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ඉහලින් කතා කරනා ජනතා විමුක්ති පෙරමුණේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එදා තිබුනේ කොහේද?

88-89 කාලයේ මෙලෙස මරා දැමූ අහින්සකයන් ගණන කොපමනක් වන්නට ඇතිද?? මා ද ඇතුලු සිංහලයන් ප්‍රභාකරන් ඇතුලු LTTEයට වෛර කරන්නේ කෙසෙද ඒ හා සමානවම මම විජේවීරට සහ ජනතා විමුක්ති පෙරමුණට වෛර කරමි.

ප්‍රතිචාර 6 (+add yours?)

  1. දර්ශන
    දෙසැ 22, 2010 @ 11:28:10

    ජවිපෙ යනු මිනීමරු දෙශද්‍රෝහී ඔලමොට්ටල සංවිධානයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
    එදා 89 වසරේ අපේ පවුලටත් මේ අඳුරු සෙවනැලි පතිත වුනේ මට වයස මාසයක් පමණ තිබියදීයි.
    මගේ අම්මාගේ අයිය, මගේ පොඩි මාමා මේ ඛෙදවාචකයෙන් මරුමුවට පත්වුනා. ඔහුගැන මගේ මතකයක් නැතිම වුවත්….
    ඔහු වෘතියෙන් දොස්තර වරයෙක්. එහෙත් විශ්වවිද්‍යාලයෙන් ඉවත්වු කාලයේමයි. පත්වීමක් ලැබෙනතෙක් තමන්ගේම ඩිස්පැනසරියක වැඩකරමින් ඉන්න අවස්ථාවකදී ඔහුව රුගෙනගොස් මරාදමා තිබුනා.
    ඔහු ඉතා දුක්මහන්සියෙන් වැඩකර එතැනට පැමිණි අයෙක්. මාගේ අම්මගේ දෙමවුපියන් ගොවියන්.
    ඔබේ පියා මෙන්ම, ඔහුටත් ඒ කාලයේ ඩිස්පැන්සරිය වසා දමා ගමේ ගෙදරට පැමිණ සිටින ලෙස කීවත් ඔහුත්, තමන්ට කිසිම සතුරෙකු නැතැයි පවසා එහි දිගටම සිටියේලු. අවසානේ…….
    එවැනි අඳුරු අතීතයක් හිමිකර දුන් බලු දේශපාලන පක්ෂය අද කුමක් කරන්නේද… ඔබ මෙන්ම මාද එම අවජාතක පක්ෂහට වෛරකරන්නෙමි.

    පිළිතුරු සැපයීම

  2. eldileepa
    දෙසැ 22, 2010 @ 13:18:33

    සංවේදී කතාවක්…. මොකක් කියන්නද කියල තේරෙන්නෙ නෑ…

    පිළිතුරු සැපයීම

  3. හර්ෂණ
    දෙසැ 22, 2010 @ 16:56:23

    මතකයන් නම් කොහොම අයන්කරන්න ගියත් අමාරුයි, මටත් මතකයි අපේ ආච්චි බාප්පව කාමරේක දාල එළියටවත් යන්න දෙන්නෙ නැතිව නිදිමරාපු හැටි. වෙලාව කියන්නෙ අපේ පවුල්වල අයත් ඔක්කොමල ආච්චි කීව නිසා අප්පච්චිලාගෙ මහ ගෙදරට වෙලා හිටිය නිසා ද මන්ද කාටවත් ලොකු කරදරයක් සිදුවුනේ නෑ. ජීවිතයෙ අමුතු අත්දැකීමක් අපි නොතේරෙන වයසෙදි ඔහොම නම් අපි දැනුම් තේරුම් තියෙන කාලෙක වුනා නම් අපිටම හිතාගන්න බැරිවේවි අපිට මොනවද වුනේ කියල.

    පිළිතුරු සැපයීම

  4. Trackback: Tweets that mention දෙසැම්බර් 22 « ~ ගැලපීමක් නැති වාක්‍ය රචනා ~ -- Topsy.com
  5. Saman Rathnayake
    දෙසැ 22, 2010 @ 21:59:35

    පහුගිය දෙසැම්බර් 7 වෙනිදට අපේ තාත්තට වෙඩි තියලත් අවුරුදු 22ක් වෙනවා…වාසනාවට තාත්තා බේරුනත් ඒ තියපු වෙඩි වලින් අම්මා එතනම නැති වුනා. එතකොට මට අවුරුදු 10යි. ජ.වි.පෙ ගැන මගේ හිතෙත් අවුරුදු 21ක් පුරා වෛරයක් තිබුනා…ඒත් පහුගිය ජනාධිපතිවරණ ය කාලේ ඒක උදාසීන වුනා. ඒත් ඒක වුනේ කොහොමද කියලා මට තාම හිතාගන්න බෑ…

    පිළිතුරු සැපයීම

  6. Ruwan ratnayaka
    දෙසැ 22, 2010 @ 22:48:23

    මිනීමරු ත්‍රස්වාදී ජවිපෙ මහලොකු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීයෝ
    අහිංසක තමන්ගේම සිංහල ජාතියේ මිනිස්සු මරල, චේ ගුවේරා,කාල් මාක්ස්,
    ලෙනින් ලට පස්ස පැත්තෙන් වදින හැත්ත..
    හොඳම වැඩේ විජේවීරය අල්ලලා වෙඩි තියපු එක…
    ඒක තමන්ගේ අහිංසක තාත්තා,ආදර සැමියා, බිරිද, දරුවන් ,සහෝදර සහෝදරියන්,
    නෑදෑ යාළු මිත්‍රයන් අහිමි වුන සියල්ලන්ටම සුළු හෝ අස්වැසිල්ලක් වෙයි..
    එත් මුන්ගේ මහ එවුන් තවත් එලිපිටද සැගවීද ජනතාවට දෑතින්ම කොක්කු පෙන්නමින්
    සිටින බව අමතක නොකළ යුතුමැය….

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.