පොඩි විජේ

 

පොඩි විජේ කිව්වට ඌ පොඩිත් නෑ උගෙ නමේ විජේ කියල කෑල්ලකුත් නෑ ඒ උනත් ඌ පොඩි විජේ. අපිත් එක්ක අවුරුදු දෙක තුනක්ම SLIIT එකේ ඉදල එක පාරටම අතුරු දහන් උනාට පස්සෙ මේ ළගදි දවසක තමයි මිනිහව ආපහු දැක්කේ ඒ සතුටටම පොඩි විජේ ගැන පෝස්ට් එකක් දාන්න හිතුනා. පොඩි විජේ ගැන කතා සීරීස් එකක්ම ලියන්න පුලුවන්.

ශීනී ශීය

කාලෙකට කලින් අපි පාඩම් කරන්න සෙට් වුනේ පොඩි විජේලාගේ බෝඩිමට. කට්ටිය පාඩම් කරද්දී පොඩි විජේ ප්ලේන් ටී එකක් එහෙම හදල දෙනව. ඔන්න දවසක් රෑ නමයට විතර පොඩි විජේ ප්ලේන්ටී හදන්න ගිහින් බලද්දී සීනි ඉවර වෙලා. පොඩි විජේත් අතඇරියේ නෑ මහ රෑම ගියා ලග තිබ්බ කඩේකට, මුදලාලි කඩේ වහල දාල ගෙදර යන්න ලෑස්ති වෙනව පොඩි විජේ කඩේට යද්දි. දැන් ඔන්න කඩේට ගිය පොඩි විජේ මුදලාලිට මෙහෙම කියනව. (ආහ් කියන්න බැරි උනානේ අපේ පොඩි විජේ කතා කරන්නේ ටිකක් අමුතු විදිහට.)

පොඩි විජේ: මුදලාලි මට ශීනී ශීයක් දෙන්න
මුදලාලී: සීනී නෑ
පොඩි විජේ: ආහ් එහෙමද එහෙනම් මට ශීනී දෙශීයක් දෙන්න..
මුදලාලී: සීනී නෑ මල්ලි කඩේ වහන්න යන්නෙ දැන්
පොඩි විජේ: හරි හරි කලින්ම ශීනී නෑ කියල කිව්වනම් අපි යනවනේ…

ඔහොම කියපු පොඩි විජේ මග දිගට කඩේ මුදලාලිට බැන බැන ඇවිත් එදායින් පස්සේ පොඩි විජේ ඒ කඩේ පැත්තේ ගිය නෑලු.අදටත් කොල්ලො පොඩි විජේ දැක්කම ශීනී ශීයක් තියනවද කියල අහනවා :D

හොරර් ෆිල්ම්ස්

ඔන්න තව දවසක අපි පොඩි විජේලාගේ බෝඩිමේ ෆිල්ම්ස් බලනව. පොඩි විජෙගේ කොම්පියුටර් එකේ තමයි ෆිල්ම් එක බැලුවේ. ඔන්න ඔය වෙලාවේ තමයි කොහෙදෝ හිටපු පොඩි විජේ බෝඩිමට ආවේ.

පොඩි විජේ: මොකක්ද බං උඹල බලන ෂෝ එක
දිගා: මේ හොරර් එකක් බං මෙලෝ රහක් නෑ එපා වෙනවා..
පොඩි විජේ:ආහ් මගේ කොම්පියුටර් එකේ තිබ්බ මරු හොරර් ෆිල්ම් ටිකක් බලපං ෂාරුක් ඛාන්ගේ අලුත් ෆිල්ම් එකත් ඇති.

දිගා: යකෝ ෂාරුක් ඛාන්ගේ හොරර් ෆිල්ම් එකකුත් ආවද බලමු බලමු…

පොඩි විජේ පෙන්නපු ෆිල්ම් ටික එහෙන් මෙහෙන් බලපු දිගා ” පිස්සුද බං මේව කොහෙද හොරර් ෆිල්ම් වෙන්නේ මේව නෝර්මල් ෆිල්ම්නේ”

පොඩි විජේ: පලයං දිගා යන්න මේව හොරර් ෆිල්ම් තමයි බලපං ඔය හැම ෆිල්ම් එකක් මැද්දෙම මිනිස්සු නැගිටල යනව පේනවා.. උබ කියන්නේ මේව හොරර් ෆිල්ම නෙවේ කියලද??

එතකොට තමයි අපිට පොඩි විජේගේ හොරර් ෆිල්ම කතාව තේරුනේ… අපි කිව්වේ හොරර් ෆිල්ම් (Horror films) නේ පොඩි විජේ කියල තියෙන්නෙ හොර හිල්ම් අපේ භාෂාවෙන් කියනවනම් Cam copy. එදායින් පස්සෙ පොඩි විජේ දැක්කම මවං හොරර් ෆිල්ම් එකක් නැද්ද කියල අහපුහම උගේන් ලුණු මිරිස් ඇතිව අහගන්න පුලුවන් :D පොඩි විජේ කිව්වම මතක් වෙන්නේ පින්තූරෙ ඉන්න වගේ මැර ඩයල් එකක්නේ. අපෝ නෑ අපේ පොඩි විජේ එච්චරම දරුණු නෑ… පොඩි විජේ ගැන තවත් කතා ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

ප්‍රතිචාර 3 (+add yours?)

  1. nimshaa
    මාර්තු 15, 2011 @ 02:29:55

    හෙහෙහෙ…. අර සිනි කතාව තමයි මරු…

    පිළිතුරු සැපයීම

  2. eldileepa
    මාර්තු 18, 2011 @ 19:50:56

    “ආහ් එහෙමද එහෙනම් මට ශීනී දෙශීයක් දෙන්න”

    එළ එළ. පට්ට කතා ටික. තව ඕනේ.

    p.s.
    ඔය මඩ ගහන්න පටන් ගත්ත විතරනෙ. :)

    පිළිතුරු සැපයීම

    • udanajeewantha
      මාර්තු 18, 2011 @ 20:30:21

      මඩ කතා ලිස්ට් එකේ රට ගිය ඇත්තොන්ගෙ කතාත් තියනවෝ ;)

      පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.