වෝටර් බකට්

කාලෙකට පස්සෙ මොනව හරි ලියන්න කියල හිතුනෙ යාලුවො ටික මතක් වෙන නිසා. අවුරුද්දකට විතර කලින් මම නැවතිල හිටිය බොඩින් කාමරේ තිබ්බෙ එලියෙ කාමරයක්, ඉතින් ඕනැ වෙලාවක යන්න එන්න වගේම යාලුවන්ට උනත් බොඩිමට එන්න බොඩිමේ අන්කල්ගෙන් වීසා ගන්න ඕන වුනේ නැහ. දවස් ගනන් යාලුවො ඇවිත් කාමරේ නැවතිල ඉන්නව. ටොමියයි බිංගොයි තමයි වැඩිපුරම එන්නේ ජොයියත් ඉතින් අවාරෙට පොල් වැටෙනව වගේ ඇවිත් ඉඳල යනව.
දවසක් ටොමියයි මමයි SLIIT එකේ ඉදන් එද්දි බාත් රෑම් එකෙන් මහ විසාල සද්දයක් ඇහෙනව අපි දෙන්නත් ඉතින් ගිහින් බැලුව මොකද වෙන්නෙ කියල අඳෝමැයි බිංගො නාන්න ගිහින් ෂවර් එක කඩාගෙන.වතුර ගලාගෙන යනව ඉවරක් නෑ ඒ අතර බිංගොත් අමුතු වැඩක් ඌ ෂවර් එක හයි කරල තිබුන බටෙන් එන වතුර බාල්දියකට පුරවනව බාල්දිය පිරුනම ඒ වතුර ඔක්කොම බිමට හලල ආපහු බාල්දියට වතුර පුරවනව.

මේක දැකපු ගමන් අපි දෙන්නට මැරෙන්න හිනා. යකෝ මොකක්ද උබ ඔය කරන්නෙ කියල බිංගොගෙන් ඇහුවම ඌ කියනව යකෝ මේ ෂවර් එක කැඩිල වතුර අපතෙ යනව මම ඒ වතුර එකතු කරනව කියල.එහෙනම් මොන මගුලටද උබ බාල්දියෙ තියෙන වතුර බිමට හලන්නෙ ඕක ඔහොම්මම තියෙන්න ඇරල ගිහින් ටැංකියෙ කරාමෙ වහල වරෙන් කිව්වම තමයි බිංගොට වැඩේ තේරුනේ. අර පරාක්‍රම බාහු රජතුමාත් කියල තියෙනවනෙ අහසෙන් වැටෙන එක දිය බිදක්වත් අපතේ යවන්න එපා කියල. අපේ බිංගොත් එන්න ඒ වගේ සංකල්පයක් තමයි ක්‍රියාවට නංවන්න ගිහින් තිබ්බෙ. බිංගොගෙ අදහසනම් හොදක් පොඩ්ඩක් විතර අපහැදිලි කම තමයි අවුලකට තිබ්බෙ.

Follow

Get every new post delivered to your Inbox.