වෝටර් බකට්
27 නොවැ 2011 එක් ප්‍රතිචාරයක්
in වර්ගීකරණය නොකළ ටැග:ජොයියා, ටොමී, බිංගෝ, බෝඩිම, SLIIT
දවසක් ටොමියයි මමයි SLIIT එකේ ඉදන් එද්දි බාත් රෑම් එකෙන් මහ විසාල සද්දයක් ඇහෙනව අපි දෙන්නත් ඉතින් ගිහින් බැලුව මොකද වෙන්නෙ කියල අඳෝමැයි බිංගො නාන්න ගිහින් ෂවර් එක කඩාගෙන.වතුර ගලාගෙන යනව ඉවරක් නෑ ඒ අතර බිංගොත් අමුතු වැඩක් ඌ ෂවර් එක හයි කරල තිබුන බටෙන් එන වතුර බාල්දියකට පුරවනව බාල්දිය පිරුනම ඒ වතුර ඔක්කොම බිමට හලල ආපහු බාල්දියට වතුර පුරවනව.
මේක දැකපු ගමන් අපි දෙන්නට මැරෙන්න හිනා. යකෝ මොකක්ද උබ ඔය කරන්නෙ කියල බිංගොගෙන් ඇහුවම ඌ කියනව යකෝ මේ ෂවර් එක කැඩිල වතුර අපතෙ යනව මම ඒ වතුර එකතු කරනව කියල.එහෙනම් මොන මගුලටද උබ බාල්දියෙ තියෙන වතුර බිමට හලන්නෙ ඕක ඔහොම්මම තියෙන්න ඇරල ගිහින් ටැංකියෙ කරාමෙ වහල වරෙන් කිව්වම තමයි බිංගොට වැඩේ තේරුනේ. අර පරාක්‍රම බාහු රජතුමාත් කියල තියෙනවනෙ අහසෙන් වැටෙන එක දිය බිදක්වත් අපතේ යවන්න එපා කියල. අපේ බිංගොත් එන්න ඒ වගේ සංකල්පයක් තමයි ක්‍රියාවට නංවන්න ගිහින් තිබ්බෙ. බිංගොගෙ අදහසනම් හොදක් පොඩ්ඩක් විතර අපහැදිලි කම තමයි අවුලකට තිබ්බෙ.
ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද
09 අප්‍රේ 2011 ප්‍රතිචාරයක් ලබාදෙන්න
in වර්ගීකරණය නොකළ
මාලනී බුලත්සිංහල යුග ගායනයෙන් සහය වෙන, ක්‍රිෂාන්ත එරන්දක මුල්ම කාලයේ ගායනා කළ ගීතයක්. සංගිතය සහ ගේය පද කාගෙද කියලනම් දන්නෙ නැහැ. කාගෙ උනත් අහන් ඉන්න පුලුවන් සිංදුවක් කාලෙකින් අහපු නැති නිසා ගූගල් කරල බලද්දි සින්දුව හම්බවුනා. මෙතනින් සිංදුව බා ගන්න.මගෙ ආදර පවසට ඔබ නියං කලට හඩන අහස
මගෙ ආදර වරුසාවට යටිකුරු කළ කලසකි නුබ
මගෙ ආදර සිලිලාරට නෙළුම් පතකි ළදුනේ ඔබ
ආදර උල්පත වියලන ගිම්හානේ සැඩ හිරු ඔබ
මගෙ ආදර පවසට ඔබ නියං කලට හඩන අහස
මගෙ ආදර වරුසාවට යටිකුරු කළ කලසකි නුබ
ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද
ඒ වැස්සෙන් පෙම්වත්වූ මිහිලිය වී මම ඉන්නද
මගෙ ආදර පවසට ඔබ නියං කලට හඩන අහස
මගෙ ආදර වරුසාවට යටිකුරු කළ කලසකි නුබ
Outlandish
20 මාර්තු 2011 ප්‍රතිචාරයක් ලබාදෙන්න
in වර්ගීකරණය නොකළ
Walou
Aicha
පොඩි විජේ
14 මාර්තු 2011 ප්‍රතිචාර 3
in වර්ගීකරණය නොකළ
පොඩි විජේ කිව්වට ඌ පොඩිත් නෑ උගෙ නමේ විජේ කියල කෑල්ලකුත් නෑ ඒ උනත් ඌ පොඩි විජේ. අපිත් එක්ක අවුරුදු දෙක තුනක්ම SLIIT එකේ ඉදල එක පාරටම අතුරු දහන් උනාට පස්සෙ මේ ළගදි දවසක තමයි මිනිහව ආපහු දැක්කේ ඒ සතුටටම පොඩි විජේ ගැන පෝස්ට් එකක් දාන්න හිතුනා. පොඩි විජේ ගැන කතා සීරීස් එකක්ම ලියන්න පුලුවන්.
ශීනී ශීය
කාලෙකට කලින් අපි පාඩම් කරන්න සෙට් වුනේ පොඩි විජේලාගේ බෝඩිමට. කට්ටිය පාඩම් කරද්දී පොඩි විජේ ප්ලේන් ටී එකක් එහෙම හදල දෙනව. ඔන්න දවසක් රෑ නමයට විතර පොඩි විජේ ප්ලේන්ටී හදන්න ගිහින් බලද්දී සීනි ඉවර වෙලා. පොඩි විජේත් අතඇරියේ නෑ මහ රෑම ගියා ලග තිබ්බ කඩේකට, මුදලාලි කඩේ වහල දාල ගෙදර යන්න ලෑස්ති වෙනව පොඩි විජේ කඩේට යද්දි. දැන් ඔන්න කඩේට ගිය පොඩි විජේ මුදලාලිට මෙහෙම කියනව. (ආහ් කියන්න බැරි උනානේ අපේ පොඩි විජේ කතා කරන්නේ ටිකක් අමුතු විදිහට.)
පොඩි විජේ: මුදලාලි මට ශීනී ශීයක් දෙන්න
මුදලාලී: සීනී නෑ
පොඩි විජේ: ආහ් එහෙමද එහෙනම් මට ශීනී දෙශීයක් දෙන්න..
මුදලාලී: සීනී නෑ මල්ලි කඩේ වහන්න යන්නෙ දැන්
පොඩි විජේ: හරි හරි කලින්ම ශීනී නෑ කියල කිව්වනම් අපි යනවනේ…
ඔහොම කියපු පොඩි විජේ මග දිගට කඩේ මුදලාලිට බැන බැන ඇවිත් එදායින් පස්සේ පොඩි විජේ ඒ කඩේ පැත්තේ ගිය නෑලු.අදටත් කොල්ලො පොඩි විජේ දැක්කම ශීනී ශීයක් තියනවද කියල අහනවා
හොරර් ෆිල්ම්ස්
ඔන්න තව දවසක අපි පොඩි විජේලාගේ බෝඩිමේ ෆිල්ම්ස් බලනව. පොඩි විජෙගේ කොම්පියුටර් එකේ තමයි ෆිල්ම් එක බැලුවේ. ඔන්න ඔය වෙලාවේ තමයි කොහෙදෝ හිටපු පොඩි විජේ බෝඩිමට ආවේ.
පොඩි විජේ: මොකක්ද බං උඹල බලන ෂෝ එක
දිගා: මේ හොරර් එකක් බං මෙලෝ රහක් නෑ එපා වෙනවා..
පොඩි විජේ:ආහ් මගේ කොම්පියුටර් එකේ තිබ්බ මරු හොරර් ෆිල්ම් ටිකක් බලපං ෂාරුක් ඛාන්ගේ අලුත් ෆිල්ම් එකත් ඇති.
දිගා: යකෝ ෂාරුක් ඛාන්ගේ හොරර් ෆිල්ම් එකකුත් ආවද බලමු බලමු…
පොඩි විජේ පෙන්නපු ෆිල්ම් ටික එහෙන් මෙහෙන් බලපු දිගා ” පිස්සුද බං මේව කොහෙද හොරර් ෆිල්ම් වෙන්නේ මේව නෝර්මල් ෆිල්ම්නේ”
පොඩි විජේ: පලයං දිගා යන්න මේව හොරර් ෆිල්ම් තමයි බලපං ඔය හැම ෆිල්ම් එකක් මැද්දෙම මිනිස්සු නැගිටල යනව පේනවා.. උබ කියන්නේ මේව හොරර් ෆිල්ම නෙවේ කියලද??
උකුලට නාවත් එදා වගේ… මා ඔබෙ පුතු අම්මේ…
14 මාර්තු 2011 ප්‍රතිචාර 2
in වර්ගීකරණය නොකළ
උකුලට නාවත් එදා වගේ
මා ඔබෙ පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබෙ ලග අම්මේ…….
කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
සුවද ඔබෙ අම්මේ
ම ඔබ ලග අම්මේ……
අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
මතු මතුදා අම්මේ
මා ඔබ ලග අම්මේ……
ඇවිද්ද පය
27 පෙබ 2011 ප්‍රතිචාර 4
in වර්ගීකරණය නොකළ
මේ දවස් ටික ගෙවෙන්නේ හිටියත් නෑ වගේ වැඩට යනවා ආපහු එනව නිදාගන්නවා ආයෙ පහුවදා වැඩට යනවා.. සෙනසුරාද ඉරිද දවස් දෙකත් ගෙවිල යනව දැනෙන්නෙම නැතිව.කාලෙකින් ට්‍රිප් එකක් යන්න බැරිවුන අඩුපාඩුව තදින්ම දැනෙනව.. ඒත් ඉතින් ට්‍රිපක් යන්නත් සෙට් කරගන්න එකෙක්වත් නෑනේ ජොයියල ටොමියල නැති අඩුපාඩුව දැනෙන්න මේ වෙලාවට තමයි... බලමුකෝ ඊලඟ සති අන්තෙ තනියම හරි යනව කොහෙ හරි ඇවිදින්න මටනම් දැන් එපාවෙලා ඉන්නේ...
දෙසැම්බර් 22
22 දෙසැ 2010 ප්‍රතිචාර 6
in වර්ගීකරණය නොකළ
තාත්තා සහ අපේ පවුල සමඟ ගමේ කවුරුත් හිතවත්ය තාත්තාට ගමේ අය කිවේ අබේ මල්ලි කියාය. තාත්තා මියගොස් කාලයක් ගතවූ පසුව උවද ගමේ අයට තාත්තා තාමත් මතකය, අම්මාත් මමත් නංගීත් තාත්තාගේ මහ ගෙදරට ගිය සෑම විටකම තාත්තාගේ මිතුරන් අසල්වැසියන් හා රැකියා ස්ථානයේ අය පැමිණ අප හා කතාකර අපේ සුවදුක් විමසා යෑම පුරුද්දක් කරගෙන සිටියි. තාත්තා එදා බේදයකින් තොරව මිනිසුන් ඇසුරුකල ආකාරය නිසා නොවේනම් අද වනවිට ඔහුගැන මතකය හුදෙක් අපගේ මතකයක් පමණක්ම විය හැකිව තිබුණි නමුත් අදටත් තාත්තාගේ මතකය ඔවුන් තුලත් පවතී.
මට තාත්තා ගැන වැඩි මතකයක් නැත, තාත්තා හවසට කන්තොරුවේ සිට පැමිණ සෙල්ලම් කරමින් සිටිණා මටත් මගේ සහෝදරයෙකුටත් රස කැවිලි වගයක් බෙදා දුන් සැටි මට අදමෙන් මතකය. තාත්තා ගැන ඇති අනෙක් මතකයනම් තාත්තා මරා දැමූ දින තාත්තා රැගෙන යන්නට ජනතා විමුක්ති පෙරමුණේ මිනී මරුවන් පැමින අප නිවසට ඇතුලුවී කෑකෝ ගසා අපි බයකල හැටිය. එදා අප නිවසට පැමින තාත්තා බලෙන් රැගෙන යනවිට ඒ පිටු පසින් ගිය මගේ අම්මාත් ඇගේ බාල සොයුරාත් ඉදිරියේම ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරුවන් විසින් මගේ පියා ඝාතනයකර ඇත. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ඉහලින් කතා කරනා ජනතා විමුක්ති පෙරමුණේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එදා තිබුනේ කොහේද?
88-89 කාලයේ මෙලෙස මරා දැමූ අහින්සකයන් ගණන කොපමනක් වන්නට ඇතිද?? මා ද ඇතුලු සිංහලයන් ප්‍රභාකරන් ඇතුලු LTTEයට වෛර කරන්නේ කෙසෙද ඒ හා සමානවම මම විජේවීරට සහ ජනතා විමුක්ති පෙරමුණට වෛර කරමි.
මගේ බිසව්නේ අසාපන්
28 නොවැ 2010 ප්‍රතිචාර 2
in වර්ගීකරණය නොකළ
ගුණදාස කපුගේ තරම් ගීතයක රස දැනෙන්නට ගායනා කරන්නට හැකියාවක් තිබූ ගායකයෙක් තවත් නැති තරම්. කපුගේට රජරට සේවයට දඬුවම් ස්ථාන මාරුවක් ලබාදී කොළඹින් ඔහු ඉවත් කලත් පසු කලෙක කපුගේ නැවත කොළඹ එන්නේ රජ රටින් කලාකෙතට අංකුර කලාකරුවන් රැසක් හඳුන්වා දීමෙන් අනතුරුවය. අයියන්ඩියේ, දවසක් පැල නැති හේනේ, උල ලේනෝ, බිම්බරක් සෙනඟ, සබඳ අපි කඳු නොවෙමු ආදී ගී වලින් ජීවිතය මෙයැයි මතුකොට පෙන්වූ ඔහු ගායනා කල තවත් එවන්ම වූ ගීතයක් වූයේ මගෙ බිසවුනේ අසාපන් ගීතයයි. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ විශිෂ්ඨ ගේය පද රචනාවෙන්ද කපුගේගේ සංගීතයෙන් හා ඔහු විසින්ම ගායනාකළ මේ ගීතයෙන් විටක කපුගේගේ ජීවිතයද කියැවේ. අසා ඇති පරිද්දෙන් රත්න ශ්‍රී මේ ගීතයට තේමා කොටගෙන ඇත්තේ නාගරික පෙදෙසක ජීවත්වන ගුරුවරයෙකු හට දුෂ්කර පලාතකට ස්ථාන මාරුවීමක් ලැබුන පසු ඔහු සමඟ එහි යන්නට උත්සහ කරනා බිරින්දෑ හට එහි යන්නට ඔහු සමඟ නෝ එනා ලෙස කියන්නාවූ දෙබෙස ගීතයකට ගෙත්ත්ම් කිරීමක්ය.
මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී
මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ
නුඹ වන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම්දම්
මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ
නුඹ වන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
හිත සඳුන් තවරපන්නේ
මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රී දේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී
පායා ඇයි හිනැහෙන්නේ…. එපා නොවෙන සිංදුවක්
26 නොවැ 2010 ප්‍රතිචාර 4
in වර්ගීකරණය නොකළ
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේනම්
පුන් සඳ ඇයි හිනැහෙන්නේ
නැතිදා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ…
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයින් ඇයි නැටුවේ
ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳුලැලි නැති විටදී
ඕනෑ නෑ දියමන්තී
පායා ඇයි හිනැහෙන්නේ
මධුමතී හින්දි චිත්‍රපටියේ අඩංගුවූ Toote huve khawabon ne ගීතය
එච් ආර් ජොතිපාල ගායනා කල ගීතය
කසුන් කල්හාර ගායනා කල ගීතය
මිලින් රූපසිංහ ගායනා කල ගීතය
මිලින්ගෙ සින්දුව අහපු යාලුවෙක් මූනු පොතේ මෙහෙම දාල තිබ්බ “මේක තරමි REMIX වුන AND ඇහුවට ඵපා වෙන්නෙත් නැති සිංදුවක් නැති තරම්” ඇත්ත මේ තරම් REMIX වුන AND ඇහුවට ඵපා වෙන්නෙත් නැති සිංදුවක් නැති තරම්
Challengers සිංහල සිනමාවේ ගොන් පාට්
25 නොවැ 2010 ප්‍රතිචාර 10
in කාලීන
අද හෙට රිලීස් වෙන සිංහල ෆිල්ම් එකක් තියනව Challengers කියල. මමත් නිකමට වගේ යූ ටියුබ් එකේ බැලුව මේ ෆිල්ම් එකේ තියන සින්දු එහෙම කොහොමද කියල මුලින්ම බැලුවේ තිලින රුහුණුගේ කුෂාණි ගායනා කරන මදහස් පාලම සින්දුව අවුලක් නෑ අහන් ඉන්න පුලුවන් සින්දුවක්. ඔන්න suggestions තව වල තියනව තව සින්දු සෙට් එකක්ම මුලින්ම තිබ්බෙ Romeo කියල සින්දුවක් ඔන්න ඒකත් බලන්න පටන් ගත්ත මුල් තප්පර දෙකතුන යද්දිම මේ සින්දුව අහල පුරුදුයි වගේ තේරුනා හප්පා දැන්නෙ මීටර් එකට වැටුනේ 2006දි තිරගතවුන තෙලිගු චිත්‍රපටියක තියන සින්දුවක්නෙ මේක. චිත්‍රපටියේ නම Bommarillu කට්ටියට මතක ඇතිනෙ Boys දමිල චිත්‍රපටිය ඒ චිත්‍රපටියේ රඟපාන සිද්ධාර්ත් සහ ජෙනේලියා ඩී සූසා තමයි මේ චිත්‍රපටියේත් ප්‍රධාන චරිත රඟපාන්නේ. කලින් Bommarillu චිත්‍රපටියේ Romeo සින්දුව බලල තියෙන නිසා සිංහල චිත්‍රපටියේ Romeo සින්දුව බලද්දී මාරම අවුල් (හික් හික් වමනෙ යන්නත් ආව :p ) තෙලිගු සිංදුවෙ සිද්ධාර්ත් රංගනයේ යෙදෙන ආකාරය සහ සිංහල චිත්‍රපටියේ පුබුදු රංඟනයේ යෙදෙන ආකාරය හොදට බලන්න. මටනම් හිතෙන්නෙ පුබුදු හරිම අමාරුවෙන් තමයි සිද්ධාර්ත්ව කොපි කරන්න ට්‍රයි කරන්නෙ. කොහොම උනත් මමනම් තීරණයක් ගත්ත Challenger චිත්‍රපටිය බලන්නෙ නෑ කියල නිකන් මොකටද සල්ලි දීල ගොන් පාට් බලන්නෙ.
Challengers චිත්‍රපටියේ Romeo සින්දුව
Bommarillu චිත්‍රපටියේ Romeo සින්දුව
සිංහල චිත්‍රපටියට Challengers කියල නම දාන්න ඇත්තෙ හරියට කොපි කරන එකත් Challenge එකක් නිසා වෙන්න ඇති.





මේ අය මෙහෙම කියනවා