අපෝ ඒ කෙල්ල කැතයි බං
04 ජූනි 2010 ප්රතිචාර 9
in ආදර කථා
ඔන්න ඉතින් ඊළග සතියෙ පිසික්ස් ක්ලාස් එක ඉවර වෙලා අපි කට්ටිය යෙට්ටත් එක්ක ඉන්නව අර ගෑනු ළමය පන්තියෙන් එළියට එනකන්
ගෑනු ළමය ආව, එක පාරම අපේ සෙට් එකේ ඉන්න ඔය සබ්ජෙක්ට් එක ගැන ප්‍රවීන ඉන්දික ( ජපන ) යෙට්ටට කියනව මචන් මෙතන අහන්න එපා අපි බස් එකේදි අහමු කියල යෙට්ටත් එක පයින් වැඩේට කැමතිවුනා මොකද ඒ වෙලාව ක්ලාස් එක ලඟ සෑහෙන්න සෙනඟ.
දැන් අර ගෑනු ළමය අපිට ඉස්සරහින් ගිහින් බස් එකට නැග්ග අපි ඊට මීටර් 100ක් විතර පිටිපස්සෙන් ආවෙ. බස් එක පරන ෆූසෝ බස් එකක් සීට් තියෙන්නෙටිකක් ඉහලින් නිසා ඇතුලෙ ඉන්න අය හරියට පේන්නෙත් නෑ. ඔන්න ඉතින් අපි බස් එක ටේ විනාඩි පහක් විතර කැරකි කැරකි ඉදල යෙට්ටට කිව්ව දැන් ගිහින් කතා කරපන් කියල යෙට්ටත් ඉතින් මල් සරා මතක් කලගෙන නැග්ග බස් එකට, මෙන්න යකෝ හැරෙන තැපෑලෙන්ම යෙට්ට බස් එකෙන් බැස්ස අපි ලගට ඇවිත් ” අපෝ ඒ කෙල්ල කැතයි බං ” අපි යමු යන්න කීවා. අපි සෙට් එකත් එක පාර හොල්මන් උනා යෙට්ටට මොකද වුනේ කියල, ඒ නිසාම යෙට්ට එපා කියද්දිම ඉන්දිකය නැග්ග බස් එකට, ටික වෙලාවකින් මෙන්න ඉන්දිකය මහ හය්යෙන් හිනා වෙවී බස් එකෙන් බහිනව ඉන්දිකයට කොච්චර හිනා ගිහිල්ලද කියනවනම් උගෙ ඇස් දෙකත් රතුවෙලා මේක දැකපු යෙට්ට එක පාරම වාෂ්ප උනා, හිනා වෙවී අපි ළගට ආපු ඉන්දික මචන් කෙල්ල වෙන කොල්ලෙක්ගෙ අතින් අල්ලගෙන ඉන්නව බස් එක ඇතුලෙ කියල කිව්ව මෙක අහපු අපිටත් මැරෙන්න හිනා
ටික දවසක් යනකන් අපි ඕක කිය කිය තමයි යෙට්ටව බයිට් එකට ගත්තෙ
කොහොම හරි දැන්නම් යෙට්ටට හොද පෙම්වතියක් හම්බවෙලා ඉන්නව ළගදිත් අපි යාලුවො සෙට් උන වෙලාවක මේ කතාව මතක් කලා, දැන් ඉතින් අපිට යෙට්ටට කියන්න තියෙන්නෙ එහෙනම් ජය සිරි මංගලම් කියලයි
.
ඕව ඔහොම තමයි :)
25 සැප් 2009 ප්රතිචාර 9
in ආදර කථා, මගේ ආගිය කථා

යාලුවා : මගේ කෙල්ල වෙන එකෙක් එක්ක
මම : හප්පා G70 ( මේකෙ තේරුම දන්නෝ දනිති )
යාලුවා : ඔව් යකෝ!!
මම : ඕව ඔහොම තමා….. කවුද අපි දන්න එකෙක්ද??
යාලුවා : නෑ උන්ගේ එකෙක් ( කෙල්ලගෙ batch එකේ කොල්ලෙක් ) කොච්චර බොන්න ඕනිද මම??
මම : වැඩිය බොන්න එපා…. නොබීම හිටපන්…… ![]()
යාලුවා : එල මමනම් බොයි…..
මම : දැන් කොහෙද ඉන්නෙ උබ??
යාලුවා: පොල් රාජගෙ බෝඩිමේ ( කැම්පස් එකේ යාලුවෙක්ගේ බෝඩිමක් )
මම : එල එල
ඔන්න ඔහොම තමයි අපේ යාලුවගේ තුන් කුලුදුල් 14 වෙනි love එකත් හබක් වුනේ………………


මේ අය මෙහෙම කියනවා