යාපනය – ඡායාරූප එකතුව 2

යාපනය යන අතරතුර ඡායාරූපයට නැගුන දෑ අඩංගු  ඡායාරූප එකතුවහි ඉතිරිය.

තල් රුප්පාවට ඉහලින් වෙසක් සඳ නැගෙමින්

කයිට්ස් අහසේ උදා හිරු නැගෙමින්

හිමිදිරියේ නාගදීපයේ සිට යාපනයට යන අතරතුර

යාපනය කොටුව

කරෙයිනගර් වෙරළ තීරය

මුහුදු වෙරළේ නටබුන්

මෙයත් මුහුදුයන කෙනෙක්

යාපනය කලපුව

වඩ්ඩුකෝඩෙයි කෝවිළ

එළු රෑන - කරෙයිනගර්

මරුවා සමඟ දිය බුං ගැසීම

ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසේ අපිට එක්සෑම් ඉවරවුන ප්‍රීතිය නිමිත්තෙන් අපේ යාලුවෝ කස්ටිය රිවර්ස්ටර්න් ( පිටවල පතන) බලන්න ට්‍රිප් එකක් ගියා ඒ ගමනෙදි අපි බලාපොරොත්තු නොවුන අද්දැකීමකට මුහුන දෙන්න සිද්දවුනා. මේ ගමනට අපි දොලොස් දෙනෙක් සහභාගීවුනා. උදේ 6.30ට විතර තමයි අපි ගමන පිටත් වුනේ ගමන අතර මඟ ස්ථාන කීපයකම නැවතෙමින් ගිය නිසා රිවර්ස්ටර්න් කිට්‍ටුවට යද්දි දවල් 1ට විතර ඇති. දවල්ට කාලා එහෙම පිටවල පතනෙ ඇවිදින්න ගියේ. කොහොම හරි ඇවිදල ඇවිත් ලග්ගල පාරෙ ටික දුරක් ආවම හම්බවෙන ඔයකින් කට්ටියම නාන්න ලෑස්තිවුනා. නාන්න තරම් වතුරක් තිබ්බෙනෑ ඒ වුනාට එතන නාන්න පුලුවන් විදිහට වතුර එතතු වෙලා තියෙන පොකුනු වගේ තැන් කීපයක්ම ඔයේ මැද තිබුනා ඉතින් ඒවගේ තැනකින් අපේ කට්ටිය නාන්න පටන් ගත්ත. දවසම වැහැපු නිසා කට්ටියම තෙමිල හිටියෙ ඒ නිසයි නාන්න ඕන කියල කට්ටියම කතා වුනේ. වතුර හරිම සීතලයි ඒ නිසා මම ඉක්මනින්න නාගෙන තව යාලුවො දෙන්නෙකුත් එක්ක ආපහු වෑන් එකට ආවා.

                       වෑන් එක නවත්තල තිබුනෙත් ඔය කිට්‍ටුම තැනක ඒ නිසා ඔයේ වතුර ගලන සද්දෙ පැහැදිලිව එතෙනට ඇහෙනවා. එතකොට වෙලාව හවස 5ට විතර කිට්‍ටුයි ටිකක් කරුවල වැටිලත් එක්ක තිබුනේ, වෑන් එක ඇතුලෙ හිටපු අපිට එක පාරම නයියෙන් වහිනව වගේ ශබ්දයක් ඇහුන නිසා වෑන් එකෙන් එලියට ඇවිත් බැලුව, ඔයේ වතුර පාර එක පාරම වැඩිවෙලා ගංවතුර ගලනව වගේ වතුර පාර සැරටම ගලාගෙන යනවා.ඒත් එක්කම අපේ යාලුවක් කෑගහගෙන දුවගෙන ඇවිත් කිව්ව මචං ගොඩ්ෆ්‍රියව ගහගෙන ගියා කියල. මුලින් අපි හිතුවෙ විහිලුවට කියල පස්සෙ තව යාලුවො දෙතුන් දෙනෙකුත් ඇවිත් කිව්වට පස්සෙ අපි හොල්මන් වෙලා ගියා කරගන්න කිසිම දෙයක් නෑ. ඔයේ වතුර පාර හරිම සැරයි, ඊට පස්සෙ අපි දෙන්නෙක් යැව්ව උදව්වට කවුරුහරි හොයාගන්න.

       අනික් අය යාලුවගෙ නම කිය කිය කෑ ගහ ගහ ඉවුර දිගේ ඇවිද්ද, තව කට්ටියක් ඔයේ පාලම උඩ ඉදන් බලාගෙන හිටිය ගහගෙන ආවොත් අල්ල ගන්න කියල (මේ පාලමේ දෙපැත්තෙ ආධාරක නැහැ, පාලම එච්චර උස එකකුත් නෙවෙයි.) මේ අතර මමයි තව යාලුවෙකුයි පාලම උඩ එහෙට මෙහට ඇවිද ඇවිද හිටිය අපේ යාලුව ගහගෙන එනවද බලන්න ඔහොම ඉද්දි එකපාරම කලුපාට මොකක්ද එකක් පාලම යටින් ගහගෙන ගියා අපි දෙන්නටම තරු පෙනුනා පාලම පහු කරල ටික දුරක් ගියාම තියෙන්නෙ දිය ඇල්ලක් අපි දෙන්නම දැක්කෙ ඒ කලුපාට දෙය මිනිහෙක්ගෙ ඔලුවක් වගේ අපි දෙන්නම කෑගහගෙන ටිකදුරක් ගගේ ඉවුර දිග දුවද්දි පාලම පැත්තෙන් හූ කියන සද්දයක් ඇහුන එතකොටම පාලම උඩ හිටපු යාලුවෙක් කීවා ඒ කෑගන්නෙ අපේ යාලුව කියල ඒ ගමන්ම අපි දෙන්න ආපහු පාලම පැත්තට දුවගෙන ගියා, ඊට පස්සෙ තව හූ සද්දයක් ඇහුනව ඒත් එක්කම පාලම උඩ හිටපු යාලුවෙක් කෑගැහුව මචන් ගොඩ්ෆ්‍රි ඉන්නව කියල අපේ යාලුව ගහගෙන යද්දි පාලම පහු කරන්න කලින් පාලමේ ස්ලැබ් එකේ එල්ලිලා අත් දෙක විතරක් අපිට පේනව ඇග තියෙන්නෙ වතුර පාරයට මිනිහ වතුර පාර අතරින් බොහොම අමාරුවෙන් ඔලුව උඩත අරන් තමයි කෑගහල තියෙන්නෙ ඒත් එක්කම වතුර පාර සැර වැඩිකම නිසාම ආපහු ඔලුව යට යනව. අපි කට්ටිය සෑහෙන්න මහන්සිවෙලා අපේ යාලුව පාලම උඩට ගත්ත ඔයදිගේ මීටර් 500ක් විතර ගහගෙන එද්දි කකුල ගල් වල වැදිල එක කකුලක් ටිකක් තුවාල වෙලා තිබුන ඒ ඇර සැලකිය යුතු තරමේ ආපදාවක් අපේ මිත්‍රයට වෙලා තිබුනෙ නෑ.නමුත් ඒ ඔයේ තිබුන ගල් වල ඔලුවවත් වැදුනනම් කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඉඩ තිබුනා. කාගෙ කාගෙත් වාසනාවට අපේ මිත්‍රයට එහෙම කරදරයක් උනේ නෑ. අපේ යාලුවා පාලමෙන් උඩට ගත්දිනුත හොදටම කලුවර වැටිල තදින්ම වැස්ස වහිනව, ඒත් තව ප්‍රස්නයක් තව දෙන්නෙක් අඩුයි. නමුත් අපේ උන් දැකල තියෙනව ඔයේ වතුර පාර එකවිට වැඩි වෙන්න කලින් උන් දෙන්න ඔයේ එහා ඉවුරට යනව.කොහොමත් ඒ වෙද්දි අපේ උන් දෙන්න ඉදල තියෙන්න පාළම තියන තැනට වඩා මීටර් 700ක් විතර දුරින් ගගේ ඉහලින්.

                                                  ඔයේ වතුර පාර හොදටම සැර නිසා අපි කලින් නාපු තැනටවත් යන්න බෑ. ඒ නිසා අපි පාලමෙන් එගොඩ වෙලා ගඟේ එහා ඉවුර දිගේ යාලුවො දෙන්නගෙ නම් කිය කිය කෑ ගහ ඔය ඉහලට ගියාම ඔයේ උස ගලක් උඩ අපේ උන් දෙන්න ඉන්නව අපිත් උන් දෙන්න අතර මීටර් 10ක් විතර පරතරයක් තිබුනා. අපි කෑගහල කියන දේවත් උන්ට ඇහෙන්නෙ නෑ ඔයේ සද්දෙ නිසා හා අපි එතනට ආවෙ කැලයක් හරහා ඒ කැලේ ඉන්න රැහැය්යොන්ගෙ සද්ද නිසා අනික වැස්ස සැර නිසා විදුලි පන්දමේ එලියත් වැඩි දුරකට වදින්නෙත් නෑ.ඉතින් එතනට වෙලා පැය එක හමාරක් විතර ඉදල ඔයේ වතුර පාර සැර අඩු උනාම අපි එකි නෙකා අත් අල්ලගෙන ඔයට බැහැළ අපේ යාලුවො දෙන්න ගොඩට ගත්තෙ. හප්පා ඒ වෙලාවෙ හිතට දැනිච්ච නිදහස :) ඔන්න මේ යාලුවො දෙන්නත් එක්ක ඔයේ ඉවුර දිගේ කැලේ මැදින් ආපහු පාළම ළග තිබුන අපේ වෑන් එකට ගියාට පස්සෙ අපේ කකුල් දිහා බැලුවම  ජීවිතේ එපා උනේ කකුල් දෙකේම ලේ පෙරිල කූඩැල්ලො හිතේ හැටියට ලේ බීල ඒ වෙලාවෙ අපේ අවදානය තිබුනෙ ගහගෙන ගියපු උන් ගැන නිසා කූඩැල්ලොන්ට රජ මගුල් වගේ තියෙන්න ඇති.

මීට කලින් අපේ ගෙදර අය අනන්තවත් කියල තියනව දන්නෙ නැති තැන් වලින් නාන්න එපා ගංගා වල වතුරපාර එක පාර වැඩි වෙනව කියල මමනම් ජීවිතේට ඒව විශ්වාස කලේ නෑ. දැන්නම් පුතා වතුරට බහින්න කලින් දෙපාරක් හිතනව :D

ප.ළි. :- ඔය මැද්දෙ ගල් තලාවෙ හිරවෙලා හිටපු උන් දෙන්න රොබින්සන් කෘසෝට රඟපාපු කතාව අපිට ආපුහු එන අතරතුර උන් දෙන්නමයි කිව්වේ ඒ කතාව වෙනත් දවසක කියන්නම් :)

පලි :-  අපි කරදරේ වැටුන වෙලාවෙ එතනින් ගියපු තුන්දෙනෙක් අපිට උදව් කලා ඒ අයවත් මේ වෙලාවෙදි මතක් කරන්න ඕන. අපි 119 කතා කලාම ලක්ගල පොලිසීයට කියන්න කියල ටෙලි නොම්මරයක් දුන්න. ලග්ගල පොලිසියට කතා කලාම කිව්වෙ පාරෙ අලි ඉන්න නිසා රෑ එන්න වෙන්නෙ නෑ උදේ එන්නම් කියලයි :D

යාපනය

මැයි මාසෙ 27,28 දෙදින යාපනය ප්‍රදේශයේ ඇවිදින්නට අවස්ථාවත් ලැබුනා මේ ඡායා රූප එම ගමන අතර තුරදී ලබාගත් ඒවා. 

A9 මාර්ගය

A9 මාර්ගයයුධ ස්මාරකය - කිලිනොච්චිය නගරය

යුධ ස්මාරකය - අලිමංකඩ

යුධ ස්මාරකය - අලිමංකඩ

අලිමංකඩ කලපුව

අලිමංකඩ කලපුව - අලිමංකඩ තානායම තිබූ ස්ථාන‍යට මග පෙන්වන පුවරුව

හසලක ගාමිණී යුධ ස්මාරකය

 

හසලක ගාමිණී යුධ ස්මාරකය

තව ඡායාරූප ගොඩාක් තියනව ඒව ඉදිරි ලිපි වලදි ඉදිරිපත් කරන්නම්. :)

හිත නැවතුන තැනක් Lipton’s seat

ඇවිද්ද පය දහස් වටී කියල කියනවනෙ. මටත් පොඩිහරි විවේකයක් ලැබුනම කරන්නේ කොහෙහරි ඇවිදින්න යන එක. මම කියන්න හදන්නේ වැඩිය
කවුරුත් යන්නෙ නැති තැනක් ගැන. එතනට කියන්නෙ Lipton’s seat කියල. මේක තියෙන්නේ හපුතලේ කිට්ටුව. මුලින්ම හපුතලේ ටවුන් එකේ ඉදලා දබේතැන්න කියන ගමට බස් එකකින් යන්න පුලුවන්. විනාඩි 30ක් විතර වෙලාවක් ඒ සදහා ගතවෙනවා. බස් එක නවත්වන්නේ දබේතැන්න තේ කර්මාන්ත ශලාව ඉස්සරහ එතන ඉදන් ගමන යන්න ඕන පයින්, පුද්ගලික වාහනයක එනවනම් Lipton’s Seat එක ලගටම යන්න පුලුවන්. එහෙමත් නැත්නම් ත්‍රීවීල් එකකින් උනත් යන්න පුලුවන් හැබැයි, ත්‍රීවීල් එකකින් Lipton’s Seat එක ලගටම යනම්නම් අමාරුයි. වාහනයකින් යනවානම් වඩාත් ගැලපෙන්නේ 4wd වාහනයක් තමයි මොකද පාර ටිකක් විතර දුස්කරයි. හැබැයි පරිසරයේ තියන සුන්දරත්වය අත් විදිමින්  යනවනම් හොදම විදිහ තමයි පයින් යන එක. දබේතැන්න තේ කර්මාන්ත ශලාව ලග ඉදන් Lipton’s Seat දක්වා යන්න පාර පුවරු වලින් ප්‍රදර්ශනය කරල තියනවා. Lipton’s Seat දක්වා යන පාර තියෙන්නේ බන්ඩාරඑලිය වතු යාය හරහා 7km විතර ගමනකින් පස්සෙ ලගට යන්න පුලුවන්.ප්‍රදේශයේ කාලගුනය ඉක්මනින් වෙනස් වන නිසා ඊට සූදානමින් යාම වැදගත්. ආහාර හා අනෙකුත් පහසුකම් ලබාගත හැකි අවසාන ස්ථානය දබේතැන්න හන්දිය නිසා ඒ බවත් මතකෙ තියා ගන්නවනම් හොදයි. Lipton’s Seat කියන්නෙ නැරබුම් ස්ථානයක්. එතනට ගියාම දකුනෙන් දෙවුන්දර තුඩුව දක්වාත් නැගෙනහිරෙන් අම්පාර හා මඩකලපුව දක්වා ප්‍රදේශත් පහසුවෙන් නරබන්න පුලුවන්. හැබැයි ඒ කාලගුනය යහපත්ව තියන වෙලාවට විතරයි. හවස 6න් පස්සේ Lipton’s Seat වෙතට ඇතුල් වීමට අවසර නැහැ ඒ පුද්ගලික වතුයායකට අයක් ස්ථානයක් නිසයි.Lipton seat වෙත යන මාර්ගයහි ඇති දැන්වීම් පුවරු

  

හපුතලේ හා දබේතැන්න ආශිත ප්‍රදේශය - Lipton seat වෙත යන අතරතුර

 

Lipton seat වෙත පිවිසුම

 

Lipton Seat

 

නැරබුම් ස්ථානය

 

Lipton Seat වෙත මීදුම ගලමින්

 

Follow

Get every new post delivered to your Inbox.