කැඩපත කැඩපත ලස්සනම හිනාව කාගෙද ????

 

මේක තමයි මේ දවස් වල අපේ බයිට් කතන්දරය. නුවර ඉදන් ආපු අපේ උන් සෙට් එකක් ඉන්නව මුන් ඔක්කොම ගෙයක් අරන් එකට නැවතිල ඉන්නෙ. දන්නවනෙ ඉතින් බෝඩින්වල තියන පහසුකම් මේ බෝඩිමටම තිබුනෙ එකම එක කණ්නාඩි කෑල්ලයි, ඒකත් ඉතින් බේතට වගේ තමයි. ඉතින් අපේ උන් රැවුල් කපන්නෙයි රෑපලාවන්‍ය සීන් ඔක්කොම කරගන්නෙ ඔය කණ්නාඩි කෑල්ලෙන් තමයි. මේ බොඩිමේ ඉන්නව චරිතයක් නමින් කිව්වොත් බේබි කෝසල උට එහෙම කියන්න හේතුව තමයි මෑන් වැඩිපුරම පාවිච්චි කරන්නේ බේබි නිෂ්පාදන, ( බේබි සබන්, බේබි කොලොන්, බේබි ක්‍රීම් ) අද ලෙක්චර්ස් ආපු වෙලාවෙ ඉදන් බෝඩිමේ උන් බේබි කෝසලට බනිනව, ඒකට හේතුව බේබි කෝසල අතින් අර බේතට වගේ තිබ්බ කණ්නාඩිය බිම වැටිල බිදිල ගිහින්, අනික් උන් ඔක්කොටම ඒකට මල. කොහොම හරි අන්තිමට අපිට ආරන්චි උනා ඇත්තටම මොකද උනේ කියල. උදේ පාන්දරම බේබි කෝසල නැගිටල දත් දෙක එහෙම මැදල කණ්නාඩිය ඉස්සරහට ගිහින් අහල කැඩපත කැඩපත සුදුම සුදු දීප්තිමත් හිනාව හිමි කාටද කියල. එතකොට කැඩපත කිව්වලු ඔයාගෙ කාමරේ ඉන්න සුනෙත්ට තමයි සුදුම සුදු දීප්තිමත් හිනාව තියෙන්නෙ කියල ඒක අහපු බේබි කෝසලට මල පැනල කණ්නාඩිය පොලොවෙ ගහල :D  

පාලිත පෙරේරා සර්

මේක පාලිත පෙරේරා සර් ගැන පොඩි කථාවත් සර් හරි පුදුම චරිතයක්, මම කාලයක් ජනමාද්ය පාඨමාළාවක් හැදෑරුවා. එහිදී ප්‍රවීන මාධයවේදීන් අපට දේශන සහ ප්‍රායොගික පුහුනුව ලබා දුන්න. පාලිත සර් දවස් තුනක් අපිට දේශන පැවත්වූවා. අන්තිම දවස සර්ගෙ උපන්දිනය අපි පන්තියේ පොඩි උත්සවයක් තියල සර්ට පොඩි උපන්දින ත්යාගයක් දුන්න සර් එදා බොහොම සතුටින් ගෙදර ගියෙ . මොකද අපි එහෙම දෙයක් කරාවි කියල සර් බලාපොරොත්තුවුනේ නැති නිසා. ඔන්න ඊට පස්සෙ සතියෙ එක පාරටම පාලිත සර් පන්තියට ආව,ඇවිත් සර් පුදුම කථාවක් කිවුවා. පහුගිය සතියෙ සර්ගෙ උපන්දින උත්සවයෙන් පස්සෙ ගෙදර යද්දි සර් ගමන් ගත්ත බස් රථය අනතුරකට ලක්වෙලා, බොහෝ දෙනෙක්ට තුවාල වෙලා, ඒත් සර්ට කරදරයක් වෙලා නෑ, සර් ඊට පස්සෙ සතියෙ අපේ පන්තියට ආවෙ අපිට ස්තුති කරල යන්න. එදා සර්ගෙ උපන්දින උත්සවේ වෙලාවෙදී අපි හැමෝම සර්ට සුභ පැතුවෙ සර්ට දීර්ඝායුෂ ලැබේවා කියල. සර්ට ඒක තදින්ම හිතට කාවැදිල. ඒ නිසාම තමයි ආපහු පාරක් සර් අපේ පන්තියට ඇවිත් අපිට කථා කරල ගියේ. ඒ වගේ නිහතමානි ගතිගුණ තියන මිනිස්සු අද කාලේ බොහොම අඩුයි.

මහ ඇමතිය මොකක්ද ඒ දුම ????

මේ අපේ ගමේදි වෙච්ච සිද්දියක්,අපේ පරම්පරාවට පස්සෙ පරම්පරාව ඒ කියන්නෙ අපි උසස් පෙළ කරන දවස් වලදි  ගමේ ප්‍රාථමික පන්තිවල හිටපු නංගිල මල්ලිල එකතුවෙලා පොඩි වේදිකා නාට්යක් හදල :) දැන් මේක පෙන්වන්න සූදානම් කරගෙන තිබුනෙ අවුරුදු උත්සවක් තිබුන දවසක හවස් වරුවක මොකද කට්ටියක් ඉන්නවනෙ නාට්ය බලන්න. ඔන්න ඉතින් අපි ලොකු උන් සෙට් එක ගිහින් ස්ටේජ් එක එහෙම ගහල දීල අපිට දෙන්න පුලුවන් සපොර්ට් එක දුන්න පොඩිඋන්ට. ෂා…. අපිට පස්සෙ පරම්පරාව අපිට වඩා වැඩකාරයො වෙලානෙ :D නාට්ය නියමෙට යනව. එකපාරටම වේදිකාව පිටිපස්සෙන් දුමක් දාන්න පටන් ගත්තනෙ මේ දුම නවතින පාටකුත් නෑ අපේ පොඩි නළුවොන්ටත් මෙක කරදරයක් වෙලා තිබ්බෙ. ඒ වෙලාවේ වේදිකාව උඩ හිටියෙ රජතුමා හා මහ ඇමති, එක පාරම රජතුමා අතිරෙක දෙබසක් දාල මහ ඇමතිගෙන් අහනව “මහ ඇමතිය මොකක්ද ඒ දුම ??? ” කියල මේක අහපු මහ ඇමති උඩ ගියා ඇයි එහෙම දෙබසක් පුරුදු වෙලා තිබුනෙ නෑනෙ :D මහ ඇමති ටිකක් වෙලා කල්පනා කරල මෙහෙම කිව්වා ” අවසරයි රජතුමනි මේ සඳයලගෙ වත්තෙ කුණු ගොඩකටද කොහෙද ගිනිතියල කොහෙද හඳයලගේ තාත්ත කලොත් කරන්නෙ ඔය වගේ ගොන් වැඩක්මනෙ කියල :D ” මේක අහපු නාට්ය බලන්න ආපු හැමෝටම හොදටම හිනා මහ ඇමතිට හිටපු පොඩි එකාට අමතක වෙලා ඌ නාට්යක රගපානව කියල :) ඒ අතර අපි දැක්ක හඳයගෙ ( හඳගම මල්ලිගෙ ) තාත්ත සෙනඟ අතරින් හිමිහිට මාරුවෙලා යනව :D

පුබ්බට යකෙක් ගහලලු!!!!

මේ කථාව මට අහන්න ලැබුනෙ අපේ කැම්පස් එකේම යාලුවො කට්ටියක්ගෙන්. සිද්දිය වෙලා තියෙන්නෙ  මාලබේ අපේ කැම්පස් එක කිට්‍ටුව තියන බොඩිමකයි. මේ බෝඩිම ටිකක් විතර පාලුවට ගියපු තැනක්, ළගපාත තව ගෙවල් එහෙමත් නැති පාලු පැත්තක තමා තියෙන්නෙ, අපේ මිත්‍රයෙක් ඉන්නවා පුබ්බා කියල පුබ්බා කිව්වට මිනිහගෙ නම පුබුදු ඉතින් දවසක් රෑ පුබ්බයි තව යාලුවෙකුයි බෝඩිමේ ඉද්දී එක පාරම පුබ්බා විකාරයෙන් වගේ කියවන්න පටන් අරන්, බිත්ති වලට දොරවල් ජනෙල් වලට ගහනවලු ටිකවෙලාවක් බලන් ඉදල පුබ්බව නවත්තන්න හදපු පුබ්බගෙ යාලුවටත් පුබ්බා ගහල බැරිමතැන පුබ්බගෙ යාලුවා ලග තිබුන බෝඩිමකට ගිහින් ඒකෙ හිටපු කොල්ලො සෙට් එකකුත් එක්කන් ඇවිත්. උන් ටිකත් ෆුල් ට්‍රයි එකක් දීල පුබ්බව යතා තත්වෙට ගන්න.

           ඒත් ඉතින් වැඩේ හරි ගිහින් නැහැ, පුබ්බ විකාරයෙන් වගේ කියනවලු තමාගෙ නම නිහාල් කියල තවත් විස්තර වගේකුත් කිව්වලු. අපේ යාලුවො ටිකත් හොදටම බයවෙලා. කාටවත් කොන්ට්‍රොල් නැති නිසා පුබ්බව ගැට ගහල කිට්‍ටුව තියන පන්සලකින් ස්වාමින් වහන්සෙ කෙනෙක් වඩම්මගෙන ඇවිත්. ඊට පස්සෙ මේ ස්වාමින් වහන්සෙ පිරිත් එහෙම කියල ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි පුබ්බට සිහි කල්පනාව ඇවිත් තියෙන්නෙ. අනේ ඉතින් සිද්ද වුන කිසිම දෙයක් පුබ්බට මතක නෑලු.ඒ ස්වාමින් වහන්සේ කියල තියෙන්නේ මළගිය ප්‍රාණකාරයෙක්ගෙ ආත්මයක් පුබ්බගෙ ශරීරයට ඇතුල්වෙලා තිබිල කියලයි, කොහොම නමුත් ඔය බෝඩිමේ සමහර වෙලාවට ජනෙල් දොරවල් ඉබේ ඇරෙනව වැහෙනවලු ( අගුලු දාල නැති ඒවා ) නාන කාමරේ කරාම ඉබේම ඇරෙනවලු වැහෙනවලු.

                                              ඔය හේතුන් නිසා පුබ්බයි අනෙක් කට්ටියයි ඔය බෝඩිම අත ඇරල වෙනත් බෝඩිමකට ගිහින්. දැන් ඒ බෝඩිමේ ඉන්නෙත් අපේම යාලුවො කට්ටියක්, මේ සෙමිස්ටර් එකේ ෆ්යිනල් එක්සෑම් එකට අපි පාඩම් කරන්න අපි සෙට් වුනේ මේ බෝඩිමට. මමත් මාසයක් විතර ඔය බෝඩිමේ හිටිය ඒත් අපිටනම් කලින් විස්තරකලා වගේ අත්දැකීම්වලට මුහුන දෙන්න සිද්දවුනේ නැහැ………. දැන් අපි මේ බෝඩිමට කියන්නෙ Ghost House කියල………..ඒකෙ හොල්මන් හිටියත් නැතත් පාඩම් කරන්න සෙට් වෙන්නනම් කියාපු තැන :)

ඒක UFO එකක්ද??

මේක දැනට මාස තුනකට විතර කලින් වෙච්ච දෙයක්. එදා මමයි තව යාලුවෝ දෙන්නෙකුයි හවස 6.30ට විතර අපේ බෝඩිමේ ඉදන් හන්දියට ආවා රෑට කන්න කෑම අරන් යන්න. ඒ වෙලාවෙ කලුවර වැටිල සාමාන්‍ය දුරට අදුර පැතිරිලා තිබුනා. ඔන්න ඉතින් අපි තුන්දෙනා කථා කර කර පාරෙ යද්දි මම එකපාරටම දැක්ක සුදු පාට එලිය තියන බෝලයක් වගේ එකක් ඉතාමත් වේගයෙන් යනවා. කොහොමත් ඒක පේන්න තිබුනේ තත්පර කීපයක් විතරයි. ඒත් එක්කම් මගේත් එක්ක ගිය යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙකුත් ඒක දැක්ක කියල කිවුවා. ඊට විනාඩි 5කට විතර පස්සෙ අපි තුන්දෙනාම ආපහු පාරක් ඒ විදිහට සුදු පාට එලියක් තියන බෝලයක් වගේ එකක් වේගයෙන් අහසේ පාවෙලා යනවා දැක්කා. ඒකත් තත්පර කිහිපයක් විතරයි අපිට දැක ගන්න ලැබුනේ.අපිටනම් හරියට හිතාගන්න බෑ අපි දැක්කේ මොකක්ද කියලා.මොනව උනත් UFO කියන්නේ හදුනා නොගත් පියාසර වස්තු වලටනේ (Unidentified Flying Object) ඉතින් අපිත් ඒක මොකකද කියලා හදුනා ගත්තෙ නැති නිසා ඒක UFO එකක් වෙන්න ඇති කියල එහෙම්මම ඒක ගැන හොයන එක අත ඇරල දැම්මා.

අයියා වඩේ කමුද??

මම පොඩිකාලේ අපේ පවුලේ හැමෝම වගේ මට කිව්වේ “අයියා” කියලා. මට අයියා කියනවට පොඩිකාලෙ මම මාර විදිහට ආසයිලු. ඒ හින්දා මට වඩා වයසින් වැඩි මගේ ඤාති සහෝදර සහෝදරියන් පවා මට කියන්නේ “අයියා” කියල. මේ සිද්දිය වෙද්දී මට වයස අවුරුදු තුනක් හතරක් විතර ඇතිලු. ඔනන දවසක් අපේ ලොකු අප්පච්චි මම අපේ ගෙදර ඉදන් එයාලගෙ ගෙදර එක්ක යනකොට බස් එකට වඩේ විකුනන මනුස්සයෙක් නැගල තියනවා. ඉතින් මේ මනුස්සය බස් එක ඇතුලේ වඩේ විකුනගෙන ඇවිත් මමයි ලොකු අප්පච්චියි හිටිය තැනට ඇවිත් තියනවා. ඊට පස්සේ අහල තියනව “අයියා වඩේ කමුද ?” කියල. මේක  කියපු ගමන් මම වඩේ කූඩෙට අත දාල වඩේ එකක් අරන් කාලා :) . වෙලා තියෙන්නේ මේක යි වඩේ විකුනපු මනුස්සයා ලොකු අප්පච්චිගෙන් අහල තියෙන්නේ අයියා වඩේ කමුද?? කියල. මම ඕක දන්නෙ නෑනෙ පවුලෙ හැමෝම මට අයියා කියන නිසා මම හිතල තියෙන්නේ වඩේ විකුනන මනුස්සයා කිවුවෙ මට කියලා. අදටත් මම ලොකු අප්පච්චිලාගේ ගෙදර ගියාම ලොකු අම්මයි, ලොකු අප්පච්චියි විහිලුවට අහනවා “අයියා වඩේ කමුද?? ” කියලා. :)

අපි නොදන්න “ඇබකස් “

180px-Boulier1

මේක ගිය සෙමිස්ටර් එකේ final exam එකට පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. අපි ඒ දවස්වල යාලුවෙක්ගෙ බෝඩිමක කුප්පියකට සෙට් වෙලා හිටියේ. කොහොමත් 15ක් 20ක් විතර එදා කුප්පියට ඇවිත් හිටියා.අපේ යාලුවෙක් ඉන්නවා හෙන පන්ඩිතයා මිනිහා නොදන්න දෙයක් නෑ දන්න දේකුත් නෑ .අපි මිනිහට ඇග දාස කියල තමයි කියන්නේ, ඒකටත් හේතුවක් තියනවා අපේ යාලුවා ජිම් එකට යනවා ඉතින් ඒ හින්දා සද්දන්ත ශරීර කූඩුවක් තියනව මිහිහට  ඔන්න ඔය හේතුව නිසා තමයි ඔය කාඩ් එක අපේ මිත්‍රයට ලැබුනේ.ඔනන කට්ට්ය පාඩම් කර කර ඉදිදී එක යාලුවෙක් කිව්වා ” මචන් මේ ලගදි මම exhibition එකක් බලන්න ගියා ඒකෙ ඇබකස් එකේ ඉදන් අලුත්ම computer එකට එනකම් හැම දෙයක්ම තිබුනා ” කියලා. එතකොටම අපේ ඇග දාස කිව්වා අප්පෝ උබ ඇබකස් එක එදාද දැක්කේ කියලා. පස්සෙ ඔය විස්තරේ කියපු යාලුවට මල පැනල ඇහුවා……… ඔව් ඇයි උබ දැකල තියනවද කියලා??? ….. අහ් උබ කියන්නේ මම දැකලා නෑ කියලනෙ………. ඇබකස් එක කියන්නේ මේ කාමරේටත් වඩා හෙන ලොකූ එකක්…….අඩෝ අපි ඕව බැලුවේ චූටි කාලෙ කියල කිව්වා………ඕක අහගෙන හිටපු අපේ කට්ටියට බකස් ගාල හිනා….. මුල්ම කාලෙ හදපු computer වල ප්‍රමානය ලොකුයිනේ…… සමහර ඒවා කාමර කීපයක් තරම් ලොකුයි කියනවනේ, අපේ ඇගදාස හිතල තියෙන්නේ ඇබකස් එක කිව්වේ ඒ වගේ එකකට කියල. ඇත්තටම ඇබකස් එක කියන්නේ ගනකරාමුව වගේ එකකටනේ. ඉතින් ඊට පස්සේ අපේ ඇග දාසව හදුන්වන්නේ ඇබකස් කියලයි. ඉතින් මිහිහා මොනව හරි කියපු ගමන් අපි “අහ්….. එතකොට ඇබකස් කියන්නේ මේ කාමරේටත් වඩා ලොකු එකක් කියලනෙ උබ කියන්නේ” කියල කියපු ගමන් ඇග දාස එක පාරටම අතුරුදහන් වෙනවා…………….. :)

ඕව ඔහොම තමයි :)

Lovers_by_scorpnivan

මේ කථාව අද උදේ වෙච්ච දෙයක්. මම උදේ කැම්පස් එකට ගියපු වෙලේ මගේ යාලුවෙක් හම්බ වුනා. ඉතින් මේ යාලුවත් එක්ක ආ ගිය කථා  කියව කියව ඉද්දී. මේ ලගකදී ඉදල අපේ යාලුවගේ හිතේ අපේ කැම්පස් එකේම ගෑනු ලමයෙක් ගැන අදහසක් තියනව කියල කියුවා. ෂා මරුනෙ….. කියල ඉතින් ඔන්න මමත් යාලුව කියන විස්තරේ අහගෙන හිටියා. ඉතින් මගේ යාලුව විස්තරේ ඔක්කොම කියල අද හවස ඒ ගෑනු ලමයව ගෙදර ඇරලන්න මූ යනව කියලත් කිවුවා. එතකොට උන් දෙන්නට පාඩුවේ කථා කර කර යන්න පුලුවන්නේ… කවුරුවත් උදැල්ල දාන්න එන්නෙත් නෑනෙ කියල තමයි අපේ එකා වැඩේ ප්ලෑන් කොරල තියෙන්නෙ. ඉතින් කොහොම හරි දැන් වෙලාව ගෙවිලා හවස් වරුවත් ආව….. ඔන්න එක පාරම අපේ එකා ගූගල් චැට් එකෙන් මට චැට් කරනවා.

යාලුවා : මගේ කෙල්ල වෙන එකෙක් එක්ක
මම : හප්පා G70 ( මේකෙ තේරුම දන්නෝ දනිති )
යාලුවා : ඔව් යකෝ!!
මම : ඕව ඔහොම තමා….. කවුද අපි දන්න එකෙක්ද??
යාලුවා : නෑ උන්ගේ එකෙක් ( කෙල්ලගෙ batch එකේ කොල්ලෙක් ) කොච්චර බොන්න ඕනිද මම??
මම : වැඩිය බොන්න එපා…. නොබීම හිටපන්…… :)
යාලුවා : එල මමනම් බොයි…..
මම : දැන් කොහෙද ඉන්නෙ උබ??
යාලුවා: පොල් රාජගෙ බෝඩිමේ ( කැම්පස් එකේ යාලුවෙක්ගේ බෝඩිමක් )
මම : එල එල :)

ඔන්න ඔහොම තමයි අපේ යාලුවගේ තුන් කුලුදුල් 14 වෙනි love එකත් හබක් වුනේ………………

Follow

Get every new post delivered to your Inbox.