අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ


මේ ගිතය මා ඉතාමත් ප්‍රිය කරන ගීතයක්, ගීතය බොහොම අපූරුවට ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්තය ගීතයේ රච්කයා සහ සංගීත නිර්මාපකය කවුද කියලම් හොයාගන්න බැරි උනා. මේ ගීතය අහද්දී මගේ හිත නිරතුරුවම අතීතයට දිවයනව.  ගීතය බොහොම පියකරු ගීතයක් උනත් ඇතුලෙ තියෙන්නෙ හිත කීරි ගැහෙන කථාවක්. දැනට මාස දෙක තුනකට කලින් සැලලිහිණි වාහිනියේ විකාෂය උන අපේ ගම කියන වැඩ සටහනේ මේ ගීතය ගැන විස්තර කියවුනා මේ ගීතය ලියපු රචකයාම මේ ගීතය නිමිත්ත ගැන පැහැදිලි කලා බොහොම අපූරුවට,

 

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ

පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ

සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

 

සාමා අමර විකුණයි බස් පොලේ කජු

කුමාරොද පිටු දන්දෙයි එයින් මතු

උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ

වේවැල වටා ඉකිබිඳ ඳඩුවමක් පැතූ

 

රන් මසු පට පිළි අභරණ උරණ වෙලා

සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා

ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා

ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

 

 

මේ ගීතයෙන් කියවෙන්නෙ ඉතාමත් දුර පිටිසර පලාතක තියෙන පාසලක ඉගැන්වීම් කරන ගුරුවරයෙක් ගැන කතාවක්. මේ ගුරුවරය පාසලට එන්නෙ සැතපුම් ගන්නක් දුර ඉදන් වර්ෂා කාලයට මේ ගමන ඉතාමත් දුෂ්කරයිලු, සැතපුම් ගනන්ක් බයිසිකලයෙන් එන ගුරුවරයට වර්ෂා කාලයේදී ඒ බයිසිකලය අතර මඟ දාල ඉතිරි දුර පයින් එන්න සිද්ද වෙනවලු ඒකට හේතුව තමයි මේ ගුරුවරය එන පාර අතර මඟ තියන ඇලක් වර්ෂා කාලයට පිටාර ගලන එකලු. මේ ඇල හරහ එතෙර යන්නට පාලමක් නැහැලු ඇලේ දෙපැත්තෙ ගස් දෙකක ගැට ගහපු ලණුවක ආධාරයෙන් තමයි ගඟ හරහ එතෙර වෙන්න ඕන. මේ ගුරුවරය ගමේ ලමයින්ට අකුරු කරන්න ඕන නිසා මේ දුෂ්කරතා හැම එකක්ම විඳගෙන අර පාසලට ගිහින් උගන්නල එනවලු හැමදාම යන්න වෙන්න මේ විදිහටලු. නමුත් මේ අරතතුර ගුරුවරයගෙ ආර්තිකය ඉතාමත් පහත් තත්වයකට පත්වෙනව, ඔහුගේ බිරිඳ රෝගී වෙලා මිය යනව. දියනිය දීග දෙන්නට හැකියාවක් නැහැ ඇයට දෑවැද්ද දෙන්න මිල මුදල් මේ ගුරුතුමා අත නොමැති නිසා.අවුරුද්දක් ඉගෙන ගත්ත පොත් ටික අවුරුද්ද අන්තිමට කිලෝ ගනනට විකිනෙනනවා අන්තිමේටම මේ පොත්ටික නවතින්නෙ කඩල බක්කියෙන්.සල්ලි වලට හැම දෙයක්ම විකිනෙන කාලේ මේ ගුරුවරයගෙ මනුස්සකම විතරක් නොවිකිනී තියනව නමුත් අන්තිමට ඔහුට ඉතිරි එපමනයි අනෙක් හැම දෙයක්ම ඔහුට නැතිවෙලා. මේ ගීතය අහද්දී අද කාලේ ටියුෂන් සල්ලි පස්සෙ දුවන ගුරුවරුන්ට වඩා මේ ගුරුතුමා කොච්චර උතුම්ද කියල හිතෙනව.

;

 

This entry was posted in වර්ගීකරණය නොකළ. Bookmark the permalink.

6 thoughts on “අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

  1. මේ ගීතය ලියලා තියෙන්නේ මහින්ද චන්ද්‍රසේකර. සංගීතය රෝහණ වීරසිංහ. ඕකත් ඉතින් විවෘත ආර්ථිකයේ ප්‍රතිපළ තමා. අදටත් අපි මොනවා කීවත් සියල්ල මුදලින් මනින සමාජයක මෙවන් ගුරු මව්වරු සහ පියවරු සිය ගණනක් අප අතර සිටිති. එවන් අය මා හටද හමු වී ඇත. මුලු අධය්‍යාපන රටාවම ජාතික ප්‍රතිපත්තියකට ගෙන පාසල කේන්ද්‍රීය කරගත් පුහුණුව විනය ඉහල ගුරුවරු සමග නවීන ක්‍රම වලින් සන්නද්ධ කළ යුතු කාළය එලඹ ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )