මේක ටැබූට අයිති කථාවක් ඒත් ටැබූ පහුගිය දවස්වල ( බාන්කී මූන් Vs විමලසිරි ගම්ලත් ) දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් මැච් එක ගැන එක දිගට ලියපු නිසා ඊට කලින් ටැබූ ලියපු ගංජ කතන්දර අතරමග නැවතුනාද මන්ද, ටැබූගෙ ගංජ කතන්දර අවසානේ පැනි සහ පෙති ගැනත් මීට වඩා හොදට ටැබූ ලියයි කියල හිතනව. දැන් කියන්නම් පැනි කොල්ලන් හා පෙති කොල්ලන්ගෙ කතාව, අපේ රටේ මත්ද්‍රව්‍ය කියපුහම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ හෙරෝයින්, ගංජ, කොකේන්, ඔයවගේ දේවල්නේ. අපේ රටේ පාසල් සිසුන් සහ උසස් අද්යාපනය සදාරන සිසුන් බොහෝ පිරිසක් මේ ආකාරයේ විවිද මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවෙලා ඉන්නව. ඒ අය අතුරින් අති බහුථරයක් ඇබ්බැහිවෙලා ඉන්නෙ පෙති සහ පැනි වලට කිව්වොත් ඔබ පුදුම වේවි. පුදුම වෙන්න දෙයක් නැහැ ඇත්ත කථාව ඒකයි. මේ සිදුවීම් මට සමීප පුද්ගලයන් පිරිසකටත් මුහුන දෙන්නට සිදුවුන නිසා ඒ පිළිබඳ යම් තරමක අත්දැකීම් මා සතුව තිබෙනව. මේ වගේ මත්ද්‍රවය වලට බහුතරයක් ඇබ්බැහි වන්නේ නරක මිතුරන් ඇසුර නිසාය. මුලින්ම අත් හදා බැලීමට මේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අවසානයේදී නවතින්නේ අවාසනාවන්ත විදිහට මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වීමෙන්.මේ ආකාරයට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ඇරබෙන්නේ කණ්ඩායම් වශයෙන් දුම් පානයට යොමු වීමේදී, ඉන් පසුව ගංජා වලටත් අරක්කු වලටක් යොමුවේ. නමුත් කාලයක් ගතවන විට ඉහත කී ද්‍රවය සදහා යන වියදම දිනපතා දැරීමට අපහසු වූ විට, ඔවුන් වෙනත් විකල්පයන් කරා යොමුවෙ. ( ඔවුන්ගේ වචන වලින්ම කියනවනම් අඩු මිළට වැඩි ආතල් ගැනීමට ) මෙහිදී කලින් පෙති සහ පැනි භවිතාකර ඇති අයෙක් මේ, අලුත් අත් හදා බැලීම කරන්නට අනෙක් අයට යොජනා කරයි, වෙනත් විකල්පයන් නොමැති කම නිසා අනෙක් පිරිස ඔහුට එකඟ වෙයි. මානසික ආභාද සහිත රෝගීන් හට ලබාදෙන බෙහෙත් පෙති වර්ග දෙකක් අධි මාත්‍රාවෙන් ගැනීම මෙහිදී සිදු කරයි රුපියල් පහකට මෙම බෙහෙත් පෙති සීයක් පමණ ලබාගත හැක සාමාන්යෙන් එක් පුද්ගලයෙක් වරකට මෙම පෙති විස්සක් පමණ පානය කරයි. එවිට දවස් දෙක තුනක් යනතුරු සිදුවන කිසිම දෙයක් පිළිබඳ මතකයක් ඔවුන් හට නැත බලා ගත්ත අත බලාගෙන විකාර කියවමින් දවස් ගනන් කාලය ගත කරයි. මේ ආකාරයෙන් මත්වූ පුද්ගලයන් දවස් දෙක තුන මත්වී සිටින බව අසන් ඔබ සමහර විටක පුදුම වේවි. ඔවුන් කියන්නේ එවිට ඔවුන්ගේ මනස නිරවුල් වන බවය නමුත් ඔවුන්ගේ නියම ස්වරූපය දකින්නේ පියවි සිහියෙන් සිටින පුද්ගලයන්ය.
ඒ පෙති ගැන කතාවය, මේ ආකාරයෙන් තවත් මත්ද්‍රව්‍යක් ලෙස යොදා ගන්නා තවත් ඖෂධයක් ඇත. මේ ඖෂධය සාමාන්‍යයෙන් නිතරම ලබාදෙන පැනියකි, මෙය කුඩා ලමුන්හට මෙන්ම වැඩිහිටි පුද්ගයන්ටද ලබාදෙයි, ඒ ඉතාමත් කුඩා මාත්රාවකින්ය. නමුත් කලින් සඳහන් කල ආකාරයටම මේ පැනියත් අධිමාත්‍රාවෙන් ලබාගත්විටත් එය මද්‍රව්‍ය තරමටම හානිකර තත්වයන් ඇතිකරයි. හෙරෝයින්, ගංජ, කොකේන්, වැනි මත්ද්‍රව්‍ය අත් අඩංගුවට අන්නා අතරම තරුණ පරපුර වැඩි වශයෙන් ඇබ්බැහි වෙමින් පවතින පෙති හා පැනි ව්‍යසනය පිළිබඳව අවදානය යොමු නොවීම කනගාටුවට කරුනක්. පිළිගත් වෛද්‍ය වරයෙක් නිකුත් කරනා බෙහෙත් තුන්ඩුවක් නොමැතිව ඕනෑම පුද්ගයෙක් හට ඉතා පහසුවෙන් ඉහත සඳහන් කරඇති ඖෂධ ලබා ගත හැක. තවද රුපියල් සීයට හොර වෛද්‍ය සහතික සකස් කර දෙන රටක මෙවැනි අන්තරායකාරී ඖෂධ ලබා ගැනීමට බෙහෙත් තුන්ඩුවක් ඉතා පහසුවෙන් ලබාගත හැක. ඉස්සර දුම්වැටි විරෝදී දැන්වීමක මෙහම තිබුන “පව් ජෝන් තාමත් සිගරට් බොනව” ඒත් තව ටික දවසකින් කියන්න වෙන්නේ “පව් ඉස්කෝලෙ යන කොල්ලො තාමත් පෙති ගහනව කියලයි” බලධාරීන් මේ වසන්ගතයන්ට එරෙහිව නිවරදි පියවර ගන්නට ප්‍රමාද වන තරමට විනාශ වන්නේ අපේ රටේ තරුණ ජීවිතයි.
ශ්‍රී ලංකාව තුළ සියලුම ඖෂධ තහනම් කරන්නට අවශ්‍යයි!
😉
එතකොට ඉතින් ඔය මැජික් වලින් ලෙඩ හොඳ කරන කාගෙ කාගෙත් කරල පැහෙයි 😀
මේ නිසා වහා ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ අලෙවි කරනු ලබන ඖෂධ වෙළෙඳ සල් (ෆාමසි) වටලා නීතිමය පියවර ගැනීමට ඖෂධ අධිකාරිය තීරණය කර තිබේ…..
http://www.divaina.com/2010/07/14/news23.html
මොන විකාරයක්ද! ලෝකයේ කොහේවත් නැති ජරාවල් අපේ උන් කරනවනේ ඉතිං!
ඔව්.. ඔය දෙජාතියම එස්පීසී ඒව ලාබෙට පාමසියකින් ගතෑකි. මමත් දන්නව සිද්ධිය..
සියලුම බෙහෙත් වර්ග තහනම් කල යුතුයි….
ඔහොම කියඉද දන්නෙත් නැහ ආන්ඩුව. ඒකනේ විසදුම…. අපේ අය දන්න.
මෙහෙමයි… ඔය අරක්කු සිගරට් නවත්තන්න මිල වැඩි කරන එකත් ඕවට ඇබ්බැහි වෙන්න හේතුවක්… අනේ මන්ද.. අපේ කොල්ලොන්ට පිස්සුද කියල..
මත් වෙන්න ඔය තරම් පහත් තත්ත්වෙට වැටෙන්නෙ.