ඉන්පසුව 1984දී උර්දු, මලයාලම් හා දමිල චිත්‍රපටි දෙකක් කලද සාර්ථකත්වයක් ලබාගැනීමට ඔහු හට හැකියාවක් නැතිවිය. නමුත් ඉන් නොනැවතුන ඔහු 1985දී නිර්මාණය කරන ලද Mouna Ragam දමිල චිත්‍රපටිය ඔහු දමිල සිනමාවේ දැවැන්තයකු ලෙස ඔසවාතබන්නට සමත්වූවා. 1987 දී මනිරත්නම් අද්යක්ෂනය කල කමලා හසන් රංගනයෙන් දායක වූ බොම්බායේ ( මුම්බායිහී) ජීවත්වූ පාතාල නායකයෙකු වන වරදරාජන් මුද්ලියර් පිළිබඳව නිර්මාණය වූ Nayagan චිත්‍රපටිය මනිරත්නම්ගේ සිනමා දිවියේ නොමැකෙන සටහනක් තබමින් එම වසරේ සාර්ථකම චිත්‍රපටිය බවට පත්විය. 80 දශකයේ අග භාගයේ මනිරත්නම් නිර්මාණය කළ Agni Natchatriram දමිල සිනමාවේ නව මානයන් සොයා ගිය චිත්‍රපටියකි. විශේෂයෙන් චිත්‍රපට ගීත නව මගකට ගෙනගිය චිත්‍රපටියක් ලෙස Agni Natchatriram හැදින්විය හැක. තවද වාර්ථා තබමින් Agni Natchatriram චිත්‍රපටිය අති සාර්ථකත්වයක් ලබාගත්තා.
ඉන්පසුව Nagarjun හා Anjali චිත්‍රපටිද ,නැවතත් පාතාල ලෝකය පාදක කරගෙන නිර්මාණය කළ රජිනි කාන්ත් රංගනයෙන් දායකවූ Thalapathi චිත්‍රපටියද 1991 දී අති සාර්ථකත්වයට පත්වූවා. Thalapathi චිත්‍රපටිය දක්වා මනිරත්නම්ගේ චිත්‍රපටි බොහොමයකට සංගීතය නිර්මාණය කලේ ප්‍රවීන දකුණු ඉන්දියානු සංගීතවේදී ඉලෙයිරාජාය. 1992 දී මනිරත්නම් නිර්මාණය කල ඒ.ආර්. රහුමාන් සංගීතය නිර්මාණය කළ ආනන්ද් සාමි සමගින් මධූ රංගනයෙන් දායකවූ Roja චිත්‍රපටිය එම වසරේදී මොස්කවු අන්තර්ජාතික සිනමා උලෙලේදී Golden St. George සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉන්පසුව රාම් ගෝපාල් වර්මාගෙ තිර පිටපතකට අනුව නිර්මාණයකළ Thiruda Thiruda චිත්‍රපටිය ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේදීත් ප්‍රදර්ශනයවූවා, 1995දී මනිරත්නම් නිර්මාණය කළ ආනන්ද්සාමි සමගින් මනීෂා කොයිරාල ප්‍රධාන චරිත නිරූපනය කල ඒ.ආර් රහුමාන් සංගීතවත් කළ Bombay විත්‍රපටිය ආර්ථිකව සාර්ථකවූවා පමනක් නොව අන්තර්ජාතික සිනමා උලේලවල් රැසකින් සම්මානවලින් පාත්‍රවිය. මෙම චිත්‍රපටිය 1993දී ඉන්දියාවේ ඇතිවූ හින්දු මුස්ලිම් කෝලාහල පාදක කරගෙන නිර්මාණයවූ චිත්‍රපටියකි. 2000 වසරේ නිර්මාණය කල ශාරුක් ඛාන් සමගින් ප්‍රීටි සින්ටා හා මනීෂා කොයිරාල රංගනයෙන් දායකවූ Dilse විත්‍රපටියත්. එම වසරේම නිර්මාණය කළ ආර් මාධවන් හා ශාලිනී රංගනයෙන් දායක වූ Alaipayuthey විත්‍රපටත් ඉතා ඉහල පේක්ෂක ප්‍රතිචාර දිනාගැනීමට සමත්වූවා. මෙම චිත්‍රපටි දෙකම දමිල හා හින්දි බසින් නැවත නිර්මාණය කරන ලදි.
වසර 2002දී ලංකාවේ යුද්දය පිළිබන්දව මනිරත්නම් නිර්මාණය කළ Kannathil Muthamittal චිත්‍රපටිය සඳහා විවිධ සිනමා උලෙළවල් වලදී සම්මාණ රාශියක් දිනාගන්නට සමත් වූවා. සිම්රන් හා ආර්.මාධවන් මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කළ අතර ඒ.ආර්. රහුමාන් සංගීතය නිර්මාණය කළා. 2004දී Ayutha Ezhuthu දමිල චිත්‍රපටියද එම චිත්‍රපටියම හින්දියෙන් Yuva ලෙසද නිර්මානය කලත් එතරම් සාර්ථකත්වයක් ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නැත. 2007 වසරේදී අතිසාර්ථකවූ Guru චිත්‍රපටියත්,වසර 2010 දී Ravan චිත්‍රපටයත් නිර්මාණය කරමින් නැවත සාර්ථකත්වයට පත් මනිරත්නම් නැවත වරක් Nayagan චිත්‍රපටිය නව නිෂ්පාදනයක් ලෙසින් එලිදක්වන්නට කටයුතු සූදානම් කරමින් පවතිනවා. මෙම චිත්‍රපටියේත් ප්‍රධාව භූමිකාව රඟ දක්වන්නේ කමලා හසන් වීමද විශේෂත්වයක්. දේශපාලනික වශයෙන් කුමන අදහස් දැරුවත් දමිල,හින්දි,කර්නාටක,උර්දු, මලයාලම් සිනමාව ජයගත් මනිරත්නම් සැබෑම දක්ෂයෙක්.