කැඩපත කැඩපත ලස්සනම හිනාව කාගෙද ????

 

මේක තමයි මේ දවස් වල අපේ බයිට් කතන්දරය. නුවර ඉදන් ආපු අපේ උන් සෙට් එකක් ඉන්නව මුන් ඔක්කොම ගෙයක් අරන් එකට නැවතිල ඉන්නෙ. දන්නවනෙ ඉතින් බෝඩින්වල තියන පහසුකම් මේ බෝඩිමටම තිබුනෙ එකම එක කණ්නාඩි කෑල්ලයි, ඒකත් ඉතින් බේතට වගේ තමයි. ඉතින් අපේ උන් රැවුල් කපන්නෙයි රෑපලාවන්‍ය සීන් ඔක්කොම කරගන්නෙ ඔය කණ්නාඩි කෑල්ලෙන් තමයි. මේ බොඩිමේ ඉන්නව චරිතයක් නමින් කිව්වොත් බේබි කෝසල උට එහෙම කියන්න හේතුව තමයි මෑන් වැඩිපුරම පාවිච්චි කරන්නේ බේබි නිෂ්පාදන, ( බේබි සබන්, බේබි කොලොන්, බේබි ක්‍රීම් ) අද ලෙක්චර්ස් ආපු වෙලාවෙ ඉදන් බෝඩිමේ උන් බේබි කෝසලට බනිනව, ඒකට හේතුව බේබි කෝසල අතින් අර බේතට වගේ තිබ්බ කණ්නාඩිය බිම වැටිල බිදිල ගිහින්, අනික් උන් ඔක්කොටම ඒකට මල. කොහොම හරි අන්තිමට අපිට ආරන්චි උනා ඇත්තටම මොකද උනේ කියල. උදේ පාන්දරම බේබි කෝසල නැගිටල දත් දෙක එහෙම මැදල කණ්නාඩිය ඉස්සරහට ගිහින් අහල කැඩපත කැඩපත සුදුම සුදු දීප්තිමත් හිනාව හිමි කාටද කියල. එතකොට කැඩපත කිව්වලු ඔයාගෙ කාමරේ ඉන්න සුනෙත්ට තමයි සුදුම සුදු දීප්තිමත් හිනාව තියෙන්නෙ කියල ඒක අහපු බේබි කෝසලට මල පැනල කණ්නාඩිය පොලොවෙ ගහල 😀 

ඉන්දියානු සිනමාවේ සොදුරු සිත්තම්කරුවා මනිරත්නම්

1956 ජූනි මස 2දා තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙයි නගරයේදී මෙලොව එලිය දුටු මනිරත්නම් නම්වූ අද්විතීය සිනමා කරුවාගේ මුල් නම වූයේ ගෝපාලරත්නම් සුබ්‍රමනියම් යන නාමයයි පසු කලකදී ඔහු හැදින්වීමට මනිරත්නම් යන නාමය භාවිතා කරන්නට විය. මදුරාසි විශ්ව විද්‍යාලයට අනුබද්ද විවේකානන්ද විද්‍යාලයෙන් වානිජ විද්‍යා උපාදියක් ලබාගත් මනිරත්නම්, සිනාමා කරනයට අත් පොත් තැබුවේ ඔහුගේ සොහොයුරා වූ සිනමා නිෂපාදකයකු වූ ජී වෙන්කටේශ් ගේ අභාශය ලබමින්ය. 1983 දී නිර්මානය කරන ලද අනිල් කපූර් රංගනයෙන් දායක වූ කර්නාටක චිත්‍රපටියක් වූ pallavi anu pallavi චිත්‍රපටිය මනිරත්නම්ගේ ප්‍රථම සිනමා නිරමානයයි.

ඉන්පසුව 1984දී උර්දු, මලයාලම් හා දමිල චිත්‍රපටි දෙකක් කලද සාර්ථකත්වයක් ලබාගැනීමට ඔහු හට හැකියාවක් නැතිවිය. නමුත් ඉන් නොනැවතුන ඔහු 1985දී නිර්මාණය කරන ලද Mouna Ragam දමිල චිත්‍රපටිය ඔහු දමිල සිනමාවේ දැවැන්තයකු ලෙස ඔසවාතබන්නට සමත්වූවා. 1987 දී මනිරත්නම් අද්යක්ෂනය කල කමලා හසන් රංගනයෙන් දායක වූ බොම්බායේ ( මුම්බායිහී) ජීවත්වූ පාතාල නායකයෙකු වන වරදරාජන් මුද්ලියර් පිළිබඳව නිර්මාණය වූ Nayagan චිත්‍රපටිය මනිරත්නම්ගේ සිනමා දිවියේ නොමැකෙන සටහනක් තබමින් එම වසරේ සාර්ථකම චිත්‍රපටිය බවට පත්විය. 80 දශකයේ අග භාගයේ මනිරත්නම් නිර්මාණය කළ Agni Natchatriram දමිල සිනමාවේ නව මානයන් සොයා ගිය චිත්‍රපටියකි. විශේෂයෙන් චිත්‍රපට ගීත නව මගකට ගෙනගිය චිත්‍රපටියක් ලෙස Agni Natchatriram හැදින්විය හැක. තවද වාර්ථා තබමින් Agni Natchatriram චිත්‍රපටිය අති සාර්ථකත්වයක් ලබාගත්තා.

ඉන්පසුව Nagarjun හා Anjali චිත්‍රපටිද ,නැවතත් පාතාල ලෝකය පාදක කරගෙන නිර්මාණය කළ රජිනි කාන්ත් රංගනයෙන් දායකවූ Thalapathi චිත්‍රපටියද 1991 දී අති සාර්ථකත්වයට පත්වූවා. Thalapathi චිත්‍රපටිය දක්වා මනිරත්නම්ගේ චිත්‍රපටි බොහොමයකට සංගීතය නිර්මාණය කලේ ප්‍රවීන දකුණු ඉන්දියානු සංගීතවේදී ඉලෙයිරාජාය. 1992 දී මනිරත්නම් නිර්මාණය කල ඒ.ආර්. රහුමාන් සංගීතය නිර්මාණය කළ ආනන්ද් සාමි සමගින් මධූ රංගනයෙන් දායකවූ Roja චිත්‍රපටිය එම වසරේදී මොස්කවු අන්තර්ජාතික සිනමා උලෙලේදී Golden St. George සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉන්පසුව රාම් ගෝපාල් වර්මාගෙ තිර පිටපතකට අනුව නිර්මාණයකළ Thiruda Thiruda චිත්‍රපටිය ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේදීත් ප්‍රදර්ශනයවූවා, 1995දී මනිරත්නම් නිර්මාණය කළ ආනන්ද්සාමි සමගින් මනීෂා කොයිරාල ප්‍රධාන චරිත නිරූපනය කල ඒ.ආර් රහුමාන් සංගීතවත් කළ Bombay විත්‍රපටිය ආර්ථිකව සාර්ථකවූවා පමනක් නොව අන්තර්ජාතික සිනමා උලේලවල් රැසකින් සම්මානවලින් පාත්‍රවිය. මෙම චිත්‍රපටිය 1993දී ඉන්දියාවේ ඇතිවූ හින්දු මුස්ලිම් කෝලාහල පාදක කරගෙන නිර්මාණයවූ චිත්‍රපටියකි. 2000 වසරේ නිර්මාණය කල ශාරුක් ඛාන් සමගින් ප්‍රීටි සින්ටා හා මනීෂා කොයිරාල රංගනයෙන් දායකවූ Dilse විත්‍රපටියත්. එම වසරේම නිර්මාණය කළ ආර් මාධවන් හා ශාලිනී රංගනයෙන් දායක වූ Alaipayuthey විත්‍රපටත් ඉතා ඉහල පේක්ෂක ප්‍රතිචාර දිනාගැනීමට සමත්වූවා. මෙම චිත්‍රපටි දෙකම දමිල හා හින්දි බසින් නැවත නිර්මාණය කරන ලදි.

වසර 2002දී ලංකාවේ යුද්දය පිළිබන්දව මනිරත්නම් නිර්මාණය කළ Kannathil Muthamittal චිත්‍රපටිය සඳහා විවිධ සිනමා උලෙළවල් වලදී සම්මාණ රාශියක් දිනාගන්නට සමත් වූවා. සිම්රන් හා ආර්.මාධවන් මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කළ අතර ඒ.ආර්. රහුමාන් සංගීතය නිර්මාණය කළා. 2004දී Ayutha Ezhuthu දමිල චිත්‍රපටියද එම චිත්‍රපටියම හින්දියෙන් Yuva ලෙසද නිර්මානය කලත් එතරම් සාර්ථකත්වයක් ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නැත. 2007 වසරේදී අතිසාර්ථකවූ Guru චිත්‍රපටියත්,වසර 2010 දී  Ravan චිත්‍රපටයත් නිර්මාණය කරමින් නැවත සාර්ථකත්වයට පත් මනිරත්නම් නැවත වරක් Nayagan චිත්‍රපටිය නව නිෂ්පාදනයක් ලෙසින් එලිදක්වන්නට කටයුතු සූදානම් කරමින් පවතිනවා. මෙම චිත්‍රපටියේත් ප්‍රධාව භූමිකාව රඟ දක්වන්නේ කමලා හසන් වීමද විශේෂත්වයක්. දේශපාලනික වශයෙන් කුමන අදහස් දැරුවත් දමිල,හින්දි,කර්නාටක,උර්දු, මලයාලම් සිනමාව ජයගත් මනිරත්නම් සැබෑම දක්ෂයෙක්.

පැනි කොල්ලන් හා පෙති කොල්ලන්

මේක ටැබූට අයිති කථාවක් ඒත් ටැබූ පහුගිය දවස්වල  ( බාන්කී මූන් Vs විමලසිරි ගම්ලත් ) දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් මැච් එක ගැන එක දිගට ලියපු නිසා ඊට කලින් ටැබූ ලියපු ගංජ කතන්දර අතරමග නැවතුනාද මන්ද, ටැබූගෙ ගංජ කතන්දර අවසානේ පැනි සහ පෙති ගැනත් මීට වඩා හොදට ටැබූ ලියයි කියල හිතනව. දැන් කියන්නම් පැනි කොල්ලන් හා පෙති කොල්ලන්ගෙ කතාව, අපේ රටේ මත්ද්‍රව්ය කියපුහම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ හෙරෝයින්, ගංජ, කොකේන්, ඔයවගේ දේවල්නේ. අපේ රටේ පාසල් සිසුන් සහ උසස් අද්යාපනය සදාරන සිසුන් බොහෝ පිරිසක් මේ ආකාරයේ විවිද මත්ද්‍රව්ය වලට අබ්බැහිවෙලා ඉන්නව.   ඒ අය අතුරින් අති බහුථරයක් ඇබ්බැහිවෙලා ඉන්නෙ පෙති සහ පැනි වලට කිව්වොත් ඔබ පුදුම වේවි. පුදුම වෙන්න දෙයක් නැහැ ඇත්ත කථාව ඒකයි. මේ සිදුවීම් මට සමීප පුද්ගලයන් පිරිසකටත් මුහුන දෙන්නට සිදුවුන නිසා ඒ පිළිබඳ යම් තරමක අත්දැකීම් මා සතුව තිබෙනව. මේ වගේ මත්ද්‍රවය වලට බහුතරයක් ඇබ්බැහි වන්නේ නරක මිතුරන් ඇසුර නිසාය. මුලින්ම අත් හදා බැලීමට මේන් මත්ද්‍රව්ය භාවිතා කරන්නන් අවසානයේදී නවතින්නේ අවාසනාවන්ත විදිහට මත්ද්‍රව්ය වලට දැඩි ලෙස ඇබ්බැහි වීමෙන්.මේ ආකාරයට මත්ද්‍රව්ය වලට ඇබ්බැහි වීම ඇරබෙන්නේ කණ්ඩායම් වශයෙන් දුම් පානයට යොමු වීමේදී, ඉන් පසුව ගංජා වලටත් අරක්කු වලටක් යොමුවේ.  නමුත් කාලයක් ගතවන විට ඉහත කී ද්‍රවය සදහා යන වියදම දිනපතා දැරීමට අපහසු වූ විට, ඔවුන් වෙනත් විකල්පයන් කරා යොමුවෙ. ( ඔවුන්ගේ වචන වලින්ම කියනවනම් අඩු මිළට වැඩි ආතල් ගැනීමට ) මෙහිදී කලින් පෙති සහ පැනි භවිතාකර ඇති අයෙක් මේ, අලුත් අත් හදා බැලීම කරන්නට අනෙක් අයට යොජනා කරයි, වෙනත් විකල්පයන් නොමැති කම නිසා අනෙක් පිරිස ඔහුට එකඟ වෙයි. මානසික ආභාද සහිත රෝගීන් හට ලබාදෙන බෙහෙත් පෙති වර්ග දෙකක් අධි මාත්‍රාවෙන් ගැනීම මෙහිදී සිදු කරයි රුපියල් පහකට මෙම බෙහෙත් පෙති සීයක් පමණ ලබාගත හැක සාමාන්යෙන් එක් පුද්ගලයෙක් වරකට මෙම පෙති විස්සක් පමණ පානය කරයි. එවිට දවස් දෙක තුනක් යනතුරු සිදුවන කිසිම දෙයක් පිළිබඳ මතකයක් ඔවුන් හට නැත බලා ගත්ත අත බලාගෙන විකාර කියවමින් දවස් ගනන් කාලය ගත කරයි. මේ ආකාරයෙන් මත්වූ පුද්ගලයන් දවස් දෙක තුන මත්වී සිටින බව අසන් ඔබ සමහර විටක පුදුම වේවි. ඔවුන් කියන්නේ එවිට ඔවුන්ගේ මනස නිරවුල් වන බවය නමුත් ඔවුන්ගේ නියම ස්වරූපය දකින්නේ පියවි සිහියෙන් සිටින පුද්ගලයන්ය.
ඒ පෙති ගැන කතාවය, මේ ආකාරයෙන් තවත් මත්ද්‍රව්යක් ලෙස යොදා ගන්නා තවත් ඖෂධයක් ඇත. මේ ඖෂධය සාමාන්යයෙන් නිතරම ලබාදෙන පැනියකි, මෙය කුඩා ලමුන්හට මෙන්ම වැඩිහිටි පුද්ගයන්ටද ලබාදෙයි, ඒ ඉතාමත් කුඩා මාත්‍රාවකින්ය. නමුත් කලින් සඳහන් කල ආකාරයටම මේ පැනියත් අධිමාත්‍රාවෙන් ලබාගත්විටත් එය මද්‍රව්ය තරමටම හානිකර තත්වයන් ඇතිකරයි. හෙරෝයින්, ගංජ, කොකේන්, වැනි මත්ද්‍රව්ය අත් අඩංගුවට අන්නා අතරම තරුණ පරපුර වැඩි වශයෙන් ඇබ්බැහි වෙමින් පවතින පෙති හා පැනි ව්යසනය පිළිබඳව අවදානය යොමු නොවීම කනගාටුවට කරුනක්. පිළිගත් වෛද්ය වරයෙක් නිකුත් කරනා බෙහෙත් තුන්ඩුවක් නොමැතිව ඕනෑම පුද්ගයෙක් හට ඉතා පහසුවෙන් ඉහත සඳහන් කරඇති ඖෂධ ලබා ගත හැක. තවද රුපියල් සී‍යට හොර වෛද්ය සහතික සකස් කර දෙන රටක මෙවැනි අන්තරායකාරී ඖෂධ ලබා ගැනීමට බෙහෙත් තුන්ඩුවක් ඉතා පහසුවෙන් ලබාගත හැක. ඉස්සර දුම්වැටි විරෝදී දැන්වීමක මෙහම තිබුන “පව් ජෝන් තාමත් සිගරට් බොනව” ඒත් තව ටික දවසකින් කියන්න වෙන්නේ “පව් ඉස්කෝලෙ යන කොල්ලො තාමත් පෙති ගහනව කියලයි” බලධාරීන් මේ වසන්ගතයන්ට එරෙහිව නිවරදි පියවර ගන්නට ප්‍රමාද වන තරමට විනාශ වන්නේ අපේ රටේ තරුණ ජීවිතයි.

පාලිත පෙරේරා සර්

මේක පාලිත පෙරේරා සර් ගැන පොඩි කථාවත් සර් හරි පුදුම චරිතයක්, මම කාලයක් ජනමාද්ය පාඨමාළාවක් හැදෑරුවා. එහිදී ප්‍රවීන මාධයවේදීන් අපට දේශන සහ ප්‍රායොගික පුහුනුව ලබා දුන්න. පාලිත සර් දවස් තුනක් අපිට දේශන පැවත්වූවා. අන්තිම දවස සර්ගෙ උපන්දිනය අපි පන්තියේ පොඩි උත්සවයක් තියල සර්ට පොඩි උපන්දින ත්යාගයක් දුන්න සර් එදා බොහොම සතුටින් ගෙදර ගියෙ . මොකද අපි එහෙම දෙයක් කරාවි කියල සර් බලාපොරොත්තුවුනේ නැති නිසා. ඔන්න ඊට පස්සෙ සතියෙ එක පාරටම පාලිත සර් පන්තියට ආව,ඇවිත් සර් පුදුම කථාවක් කිවුවා. පහුගිය සතියෙ සර්ගෙ උපන්දින උත්සවයෙන් පස්සෙ ගෙදර යද්දි සර් ගමන් ගත්ත බස් රථය අනතුරකට ලක්වෙලා, බොහෝ දෙනෙක්ට තුවාල වෙලා, ඒත් සර්ට කරදරයක් වෙලා නෑ, සර් ඊට පස්සෙ සතියෙ අපේ පන්තියට ආවෙ අපිට ස්තුති කරල යන්න. එදා සර්ගෙ උපන්දින උත්සවේ වෙලාවෙදී අපි හැමෝම සර්ට සුභ පැතුවෙ සර්ට දීර්ඝායුෂ ලැබේවා කියල. සර්ට ඒක තදින්ම හිතට කාවැදිල. ඒ නිසාම තමයි ආපහු පාරක් සර් අපේ පන්තියට ඇවිත් අපිට කථා කරල ගියේ. ඒ වගේ නිහතමානි ගතිගුණ තියන මිනිස්සු අද කාලේ බොහොම අඩුයි.

පොල් සම්බෝල සහ කැරට් සලාද

අපි AL ඉවර කරපු දවස්වල තනිකරම පිස්සු කෙල කෙල හිටියෙ, ඒකටම හරියන සෙට් එකක් හිටිය, ඉස්සරහ ගෙදර රුච්චා,චත්ත, ටිරොන්, ආමි දිනේෂ් ( උට තිබ්බ එකම අශාව ආම් එකට යන එක අන්තිමට ඌ ආමි එකට ගියා )ඉන්දික,ඔහොම පිස්සො හතර පස් දෙනෙක් සෙට්වෙලා හිටිය. ඔන්න දවසක් කට්ටිය උදේම රා බොන්න සෙට්වෙලා දවල් දෙක තුන විතර වෙද්දි කට්ටියට යන්තම් ඇවිදගන්න පුලුවන් තත්වයට ආව. ඊට පස්සෙ ඉතන් කට්ටිය නාල එහෙම චත්තලගෙ ගෙදර ගියා. කට්ටිය දවල්ට කෑම කෑවෙ නෑ කිව්වම චත්තලගෙ අම්ම ආපහු උයන්න පටන් ගත්ත. කට්ටිය එපා එපා කියල අන්තිමේදී චත්තලගෙ අම්ම බත් උයල පොල් සම්බෝලයක් විතරක් හදල දුන්න ( චත්තලගෙ අම්ම දන්නෙ නෑ අපේ උන් රා බීල කියල ) ඔන්න දැන් කට්ටියම බත් කනව චත්තගෙ අම්මත් ඇවිත් අපිත් එක්ක කතා කර කර ඉන්නව එක පාරම ඇන්ටි කියනව අයියෝ රුචිර පුතා මොකද මේ බත් විතරක් කන්නෙ පිස්සුද කියල. මෙන්න බොලේ එතකොට රුච්ච කියපි අනේ ඇන්ටි මම කැරට් සලාද කන්නෙ නෑනෙ කියල. එක පාරම ඇන්ටිට තරහ ගිහින් කොහෙද කොල්ලො ඕකෙ කැරට් ඔය තියෙන්නෙ පොල් සම්බෝලනෙ කියල එතකොට තමයි රුච්ච පියවී සිහි‍යට ආවේ ඒ වෙද්දි ඇන්ටිට ඔක්කොම තේරිලා ඉවරයි .හොඳ වෙලාවට අනික් උන් හොඳ සිහියෙන් හිටියෙ. දැන්නම් රුච්ච කැරට් සලාදත් කනවලු 😀

ගහ ගන්නවනම් ගහගමු, සූරන්න බෑ හරිද ???

මේ සිද්දිය මට අහන්න ලැබුනේ මම උසස් පෙළ කරන දවස්වල, ඒ දවස්වල අපි නැවතිල හිටියෙ කුරුණෑගල තිත්තවැල්ල කියන ප්‍රදේශයේ අපි ඉතින් ඔය පලාතට අලුත් නිසා වැඩිය ඒ පැත්තෙ අය අපිව අදුරන්නෙ නැහැ. අපි පදින්චිවෙලා හිටපු ගෙදර පොඩි අලුත් වැඩියාවක් කරගන්න වැඩට කට්ටිය ඕන වෙලා ඉද්දි මගේ මිත්ත්‍රයෙක් වැඩට කිහිපදෙනෙක් හොයල දුන්න ඔය අතර හිටිය ටිකක් අමුතු ඩයල් එකක්, මිනිහගෙ නම බණ්ඩාර ඒ උනාට කොල්ලො මෑන්ස් නැති  තැන කියන්නෙ හිතින් මිතුන් කියල 🙂 ඒකට හේතුව තමයි මේ මනුස්සය මිතුන් චක්ක්‍රබෝති කියන හින්දි නළුවගේ වෙගේ ෆේස් කට් එකක් තියන නිසා. කොහොම උනත් බණ්ඩාරයත් මේ සීන් එක දන්නව ඒ නිසා ඉතින් මිනිහත් මේක ලොකුවටම හිතට අරන් හිටියේ ( කවුද අකමැති නළුවො වගේ ඉන්න ) මිනිහ අදින්නෙත් මිතුන් අදින විදිහෙ ඇදුම් 😀 ආ තව දෙයක් කියන්න බැරි උනා මේ බණ්ඩාරෙ ආමි එකෙන් පැනපු බුවෙක් වයස අවුරුදු 40ක් වගේ ඇති. ආමි එකේ මොනව කලාද කියලනම් අපි දන්නෙ නෑ 😉 ඉතින් මේ බණ්ඩාර නළුකමයි ආමි එකේ පවර් එකයි ඔක්කොම හිතට අරන් ගමේ හිටපු අන්කල්ලවයි පොඩි උන්වයි බයකරන් ඉදල තියෙන්නෙ 😀

ඔහොම ටික කාලයක් බණ්ඩාර ගම රන් කර කර ඉද්දි තමයි දුෂ්ටය සීන් එකට එන්ටර් වෙලා තියෙන්නෙ. දුෂ්ටය තමයි ඒ ගමේ අරක්කු මුදලාලි සැමී, ඔන්න දවසක් මොකක් හරි සිද්දියකට බණ්ඩාරෙයි සැමීයි වලියක් දාගෙන. මේ සැමී කියන මනුස්සය දරුණු චරිතයක්ලු. ඔන්න දැන් දෙන්න ගමේ කඩ පොළ ලග වලිය දාගද්දී සෑහෙන සෙනගකුත් හිටියලු. බණ්ඩාරෙත් නළුකම හිතට අරන් හින්දි චිත්ත්‍රපටිවල වගේ අත පය එහෙට මෙහෙට විසිකර කර ඉයාහ්….. ආආහ්…… කිය කිය කටින් සද්ද දාන්න ගත්තලු 😀 මේක දිහා ටිකක්වෙලා සැමීත් හොල්මන් වෙලා වගේ බලන් ඉදල එක පාරම බණ්ඩාරට කිව්වලු “මේ, මේහ්…. ගහ ගන්නවනම් ගහගමු සූරන්න බෑ… හරිද ??? ” කියල ඒක කියපු ගමන් එතන හිටපු හැමෝම හිනා වෙන්න පටන් අරන් බණ්ඩාරෙටත් හොඳටම ලැජ්ජ හිතිල මිනිහ අනික් පැත්ත හැරිල දිව්වලු 😀 ඊට පස්සෙ බණ්ඩාරෙ පාරෙ යද්දි ගමේ කොල්ලො හැන්ගිල ඉදන් කියනවලු “මේ, මේහ්…. ගහ ගන්නවනම් ගහගමු සූරන්න බෑ… හරිද??” බන්ඩාරෙත් ඉතින් පොඩ් උන්ට ජාතිය අමතනවලු එතකොට 😀

යාපනය – ඡායාරූප එකතුව 2

යාපනය යන අතරතුර ඡායාරූපයට නැගුන දෑ අඩංගු  ඡායාරූප එකතුවහි ඉතිරිය.

තල් රුප්පාවට ඉහලින් වෙසක් සඳ නැගෙමින්

කයිට්ස් අහසේ උදා හිරු නැගෙමින්

හිමිදිරියේ නාගදීපයේ සිට යාපනයට යන අතරතුර

යාපනය කොටුව

කරෙයිනගර් වෙරළ තීරය

මුහුදු වෙරළේ නටබුන්

මෙයත් මුහුදුයන කෙනෙක්

යාපනය කලපුව

වඩ්ඩුකෝඩෙයි කෝවිළ

එළු රෑන - කරෙයිනගර්

මරුවා සමඟ දිය බුං ගැසීම

ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසේ අපිට එක්සෑම් ඉවරවුන ප්‍රීතිය නිමිත්තෙන් අපේ යාලුවෝ කස්ටිය රිවර්ස්ටර්න් ( පිටවල පතන) බලන්න ට්‍රිප් එකක් ගියා ඒ ගමනෙදි අපි බලාපොරොත්තු නොවුන අද්දැකීමකට මුහුන දෙන්න සිද්දවුනා. මේ ගමනට අපි දොලොස් දෙනෙක් සහභාගීවුනා. උදේ 6.30ට විතර තමයි අපි ගමන පිටත් වුනේ ගමන අතර මඟ ස්ථාන කීපයකම නැවතෙමින් ගිය නිසා රිවර්ස්ටර්න් කිට්‍ටුවට යද්දි දවල් 1ට විතර ඇති. දවල්ට කාලා එහෙම පිටවල පතනෙ ඇවිදින්න ගියේ. කොහොම හරි ඇවිදල ඇවිත් ලග්ගල පාරෙ ටික දුරක් ආවම හම්බවෙන ඔයකින් කට්ටියම නාන්න ලෑස්තිවුනා. නාන්න තරම් වතුරක් තිබ්බෙනෑ ඒ වුනාට එතන නාන්න පුලුවන් විදිහට වතුර එතතු වෙලා තියෙන පොකුනු වගේ තැන් කීපයක්ම ඔයේ මැද තිබුනා ඉතින් ඒවගේ තැනකින් අපේ කට්ටිය නාන්න පටන් ගත්ත. දවසම වැහැපු නිසා කට්ටියම තෙමිල හිටියෙ ඒ නිසයි නාන්න ඕන කියල කට්ටියම කතා වුනේ. වතුර හරිම සීතලයි ඒ නිසා මම ඉක්මනින්න නාගෙන තව යාලුවො දෙන්නෙකුත් එක්ක ආපහු වෑන් එකට ආවා.

                       වෑන් එක නවත්තල තිබුනෙත් ඔය කිට්‍ටුම තැනක ඒ නිසා ඔයේ වතුර ගලන සද්දෙ පැහැදිලිව එතෙනට ඇහෙනවා. එතකොට වෙලාව හවස 5ට විතර කිට්‍ටුයි ටිකක් කරුවල වැටිලත් එක්ක තිබුනේ, වෑන් එක ඇතුලෙ හිටපු අපිට එක පාරම නයියෙන් වහිනව වගේ ශබ්දයක් ඇහුන නිසා වෑන් එකෙන් එලියට ඇවිත් බැලුව, ඔයේ වතුර පාර එක පාරම වැඩිවෙලා ගංවතුර ගලනව වගේ වතුර පාර සැරටම ගලාගෙන යනවා.ඒත් එක්කම අපේ යාලුවක් කෑගහගෙන දුවගෙන ඇවිත් කිව්ව මචං ගොඩ්ෆ්‍රියව ගහගෙන ගියා කියල. මුලින් අපි හිතුවෙ විහිලුවට කියල පස්සෙ තව යාලුවො දෙතුන් දෙනෙකුත් ඇවිත් කිව්වට පස්සෙ අපි හොල්මන් වෙලා ගියා කරගන්න කිසිම දෙයක් නෑ. ඔයේ වතුර පාර හරිම සැරයි, ඊට පස්සෙ අපි දෙන්නෙක් යැව්ව උදව්වට කවුරුහරි හොයාගන්න.

       අනික් අය යාලුවගෙ නම කිය කිය කෑ ගහ ගහ ඉවුර දිගේ ඇවිද්ද, තව කට්ටියක් ඔයේ පාලම උඩ ඉදන් බලාගෙන හිටිය ගහගෙන ආවොත් අල්ල ගන්න කියල (මේ පාලමේ දෙපැත්තෙ ආධාරක නැහැ, පාලම එච්චර උස එකකුත් නෙවෙයි.) මේ අතර මමයි තව යාලුවෙකුයි පාලම උඩ එහෙට මෙහට ඇවිද ඇවිද හිටිය අපේ යාලුව ගහගෙන එනවද බලන්න ඔහොම ඉද්දි එකපාරම කලුපාට මොකක්ද එකක් පාලම යටින් ගහගෙන ගියා අපි දෙන්නටම තරු පෙනුනා පාලම පහු කරල ටික දුරක් ගියාම තියෙන්නෙ දිය ඇල්ලක් අපි දෙන්නම දැක්කෙ ඒ කලුපාට දෙය මිනිහෙක්ගෙ ඔලුවක් වගේ අපි දෙන්නම කෑගහගෙන ටිකදුරක් ගගේ ඉවුර දිග දුවද්දි පාලම පැත්තෙන් හූ කියන සද්දයක් ඇහුන එතකොටම පාලම උඩ හිටපු යාලුවෙක් කීවා ඒ කෑගන්නෙ අපේ යාලුව කියල ඒ ගමන්ම අපි දෙන්න ආපහු පාලම පැත්තට දුවගෙන ගියා, ඊට පස්සෙ තව හූ සද්දයක් ඇහුනව ඒත් එක්කම පාලම උඩ හිටපු යාලුවෙක් කෑගැහුව මචන් ගොඩ්ෆ්‍රි ඉන්නව කියල අපේ යාලුව ගහගෙන යද්දි පාලම පහු කරන්න කලින් පාලමේ ස්ලැබ් එකේ එල්ලිලා අත් දෙක විතරක් අපිට පේනව ඇග තියෙන්නෙ වතුර පාරයට මිනිහ වතුර පාර අතරින් බොහොම අමාරුවෙන් ඔලුව උඩත අරන් තමයි කෑගහල තියෙන්නෙ ඒත් එක්කම වතුර පාර සැර වැඩිකම නිසාම ආපහු ඔලුව යට යනව. අපි කට්ටිය සෑහෙන්න මහන්සිවෙලා අපේ යාලුව පාලම උඩට ගත්ත ඔයදිගේ මීටර් 500ක් විතර ගහගෙන එද්දි කකුල ගල් වල වැදිල එක කකුලක් ටිකක් තුවාල වෙලා තිබුන ඒ ඇර සැලකිය යුතු තරමේ ආපදාවක් අපේ මිත්‍රයට වෙලා තිබුනෙ නෑ.නමුත් ඒ ඔයේ තිබුන ගල් වල ඔලුවවත් වැදුනනම් කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඉඩ තිබුනා. කාගෙ කාගෙත් වාසනාවට අපේ මිත්‍රයට එහෙම කරදරයක් උනේ නෑ. අපේ යාලුවා පාලමෙන් උඩට ගත්දිනුත හොදටම කලුවර වැටිල තදින්ම වැස්ස වහිනව, ඒත් තව ප්‍රස්නයක් තව දෙන්නෙක් අඩුයි. නමුත් අපේ උන් දැකල තියෙනව ඔයේ වතුර පාර එකවිට වැඩි වෙන්න කලින් උන් දෙන්න ඔයේ එහා ඉවුරට යනව.කොහොමත් ඒ වෙද්දි අපේ උන් දෙන්න ඉදල තියෙන්න පාළම තියන තැනට වඩා මීටර් 700ක් විතර දුරින් ගගේ ඉහලින්.

                                                  ඔයේ වතුර පාර හොදටම සැර නිසා අපි කලින් නාපු තැනටවත් යන්න බෑ. ඒ නිසා අපි පාලමෙන් එගොඩ වෙලා ගඟේ එහා ඉවුර දිගේ යාලුවො දෙන්නගෙ නම් කිය කිය කෑ ගහ ඔය ඉහලට ගියාම ඔයේ උස ගලක් උඩ අපේ උන් දෙන්න ඉන්නව අපිත් උන් දෙන්න අතර මීටර් 10ක් විතර පරතරයක් තිබුනා. අපි කෑගහල කියන දේවත් උන්ට ඇහෙන්නෙ නෑ ඔයේ සද්දෙ නිසා හා අපි එතනට ආවෙ කැලයක් හරහා ඒ කැලේ ඉන්න රැහැය්යොන්ගෙ සද්ද නිසා අනික වැස්ස සැර නිසා විදුලි පන්දමේ එලියත් වැඩි දුරකට වදින්නෙත් නෑ.ඉතින් එතනට වෙලා පැය එක හමාරක් විතර ඉදල ඔයේ වතුර පාර සැර අඩු උනාම අපි එකි නෙකා අත් අල්ලගෙන ඔයට බැහැළ අපේ යාලුවො දෙන්න ගොඩට ගත්තෙ. හප්පා ඒ වෙලාවෙ හිතට දැනිච්ච නිදහස 🙂 ඔන්න මේ යාලුවො දෙන්නත් එක්ක ඔයේ ඉවුර දිගේ කැලේ මැදින් ආපහු පාළම ළග තිබුන අපේ වෑන් එකට ගියාට පස්සෙ අපේ කකුල් දිහා බැලුවම  ජීවිතේ එපා උනේ කකුල් දෙකේම ලේ පෙරිල කූඩැල්ලො හිතේ හැටියට ලේ බීල ඒ වෙලාවෙ අපේ අවදානය තිබුනෙ ගහගෙන ගියපු උන් ගැන නිසා කූඩැල්ලොන්ට රජ මගුල් වගේ තියෙන්න ඇති.

මීට කලින් අපේ ගෙදර අය අනන්තවත් කියල තියනව දන්නෙ නැති තැන් වලින් නාන්න එපා ගංගා වල වතුරපාර එක පාර වැඩි වෙනව කියල මමනම් ජීවිතේට ඒව විශ්වාස කලේ නෑ. දැන්නම් පුතා වතුරට බහින්න කලින් දෙපාරක් හිතනව 😀

ප.ළි. :- ඔය මැද්දෙ ගල් තලාවෙ හිරවෙලා හිටපු උන් දෙන්න රොබින්සන් කෘසෝට රඟපාපු කතාව අපිට ආපුහු එන අතරතුර උන් දෙන්නමයි කිව්වේ ඒ කතාව වෙනත් දවසක කියන්නම් 🙂

පලි :-  අපි කරදරේ වැටුන වෙලාවෙ එතනින් ගියපු තුන්දෙනෙක් අපිට උදව් කලා ඒ අයවත් මේ වෙලාවෙදි මතක් කරන්න ඕන. අපි 119 කතා කලාම ලක්ගල පොලිසීයට කියන්න කියල ටෙලි නොම්මරයක් දුන්න. ලග්ගල පොලිසියට කතා කලාම කිව්වෙ පාරෙ අලි ඉන්න නිසා රෑ එන්න වෙන්නෙ නෑ උදේ එන්නම් කියලයි 😀

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

මේ ගිතය මා ඉතාමත් ප්‍රිය කරන ගීතයක්, ගීතය බොහොම අපූරුවට ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්තය ගීතයේ රච්කයා සහ සංගීත නිර්මාපකය කවුද කියලම් හොයාගන්න බැරි උනා. මේ ගීතය අහද්දී මගේ හිත නිරතුරුවම අතීතයට දිවයනව.  ගීතය බොහොම පියකරු ගීතයක් උනත් ඇතුලෙ තියෙන්නෙ හිත කීරි ගැහෙන කථාවක්. දැනට මාස දෙක තුනකට කලින් සැලලිහිණි වාහිනියේ විකාෂය උන අපේ ගම කියන වැඩ සටහනේ මේ ගීතය ගැන විස්තර කියවුනා මේ ගීතය ලියපු රචකයාම මේ ගීතය නිමිත්ත ගැන පැහැදිලි කලා බොහොම අපූරුවට,

 

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ

පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ

සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

 

සාමා අමර විකුණයි බස් පොලේ කජු

කුමාරොද පිටු දන්දෙයි එයින් මතු

උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ

වේවැල වටා ඉකිබිඳ ඳඩුවමක් පැතූ

 

රන් මසු පට පිළි අභරණ උරණ වෙලා

සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා

ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා

ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

 

 

මේ ගීතයෙන් කියවෙන්නෙ ඉතාමත් දුර පිටිසර පලාතක තියෙන පාසලක ඉගැන්වීම් කරන ගුරුවරයෙක් ගැන කතාවක්. මේ ගුරුවරය පාසලට එන්නෙ සැතපුම් ගන්නක් දුර ඉදන් වර්ෂා කාලයට මේ ගමන ඉතාමත් දුෂ්කරයිලු, සැතපුම් ගනන්ක් බයිසිකලයෙන් එන ගුරුවරයට වර්ෂා කාලයේදී ඒ බයිසිකලය අතර මඟ දාල ඉතිරි දුර පයින් එන්න සිද්ද වෙනවලු ඒකට හේතුව තමයි මේ ගුරුවරය එන පාර අතර මඟ තියන ඇලක් වර්ෂා කාලයට පිටාර ගලන එකලු. මේ ඇල හරහ එතෙර යන්නට පාලමක් නැහැලු ඇලේ දෙපැත්තෙ ගස් දෙකක ගැට ගහපු ලණුවක ආධාරයෙන් තමයි ගඟ හරහ එතෙර වෙන්න ඕන. මේ ගුරුවරය ගමේ ලමයින්ට අකුරු කරන්න ඕන නිසා මේ දුෂ්කරතා හැම එකක්ම විඳගෙන අර පාසලට ගිහින් උගන්නල එනවලු හැමදාම යන්න වෙන්න මේ විදිහටලු. නමුත් මේ අරතතුර ගුරුවරයගෙ ආර්තිකය ඉතාමත් පහත් තත්වයකට පත්වෙනව, ඔහුගේ බිරිඳ රෝගී වෙලා මිය යනව. දියනිය දීග දෙන්නට හැකියාවක් නැහැ ඇයට දෑවැද්ද දෙන්න මිල මුදල් මේ ගුරුතුමා අත නොමැති නිසා.අවුරුද්දක් ඉගෙන ගත්ත පොත් ටික අවුරුද්ද අන්තිමට කිලෝ ගනනට විකිනෙනනවා අන්තිමේටම මේ පොත්ටික නවතින්නෙ කඩල බක්කියෙන්.සල්ලි වලට හැම දෙයක්ම විකිනෙන කාලේ මේ ගුරුවරයගෙ මනුස්සකම විතරක් නොවිකිනී තියනව නමුත් අන්තිමට ඔහුට ඉතිරි එපමනයි අනෙක් හැම දෙයක්ම ඔහුට නැතිවෙලා. මේ ගීතය අහද්දී අද කාලේ ටියුෂන් සල්ලි පස්සෙ දුවන ගුරුවරුන්ට වඩා මේ ගුරුතුමා කොච්චර උතුම්ද කියල හිතෙනව.

;