පොඩිකාලෙ ඉදලම නාට්‍ය හදන්න පිටපත් ලියන්න මට පුදුම උනක් තියෙන්න. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගද්දිනම් ඉස්කෝලෙ සිංහල සාහිත්‍ය සමිතියට නිතරම නාට්‍ය නිර්මාණය කලා, උසස් පෙළ ඉගෙන ගන්න කාලේ තියන වැඩ කන්දරාව ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ 😦 ඒත් ඉතින් විද්‍යා දිනයට වේදිකා නාට්‍යක් කලා එක තමයි උසස් පෙළ පන්තියේදි කරපු එකම නාට්‍ය. ඊට පස්සෙ වේදිකා නට්‍යක් කරන්න අවස්තාවක් ලැබුනේ ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසයේ SLIIT එකේ තිබුන Talant Show එකකට තමයි අපි නාට්‍ය කලේ. මීට ඉස්සරල අපි SLIIT එකේ තියපු Talant Show එකකට වීඩියෝ දෙකක් කරල තිබුන එකක් දේශපාලන ප්‍රහසනයක් අනික හඩකවපු වීඩීයෝ එකක්, මේ නිර්මාණ දෙක නිසාම අපේ සෙට් එකේ උන් අලුතින් මොනව හරි කරන්න ඕන කියල කතා කර කර හිටියෙ.
ඔහොම ඉද්දි දවසක් රෑ යාලුවෙක් මූණු පොතෙ චැටක් දාද්දි කියනව ” මචන් මේ අපි ඩ්‍රාම එකක් කරමු” මට අයිඩියා එකක් නෑ බං මගෙ ඔලුව අවුල් වෙලා ඉන්නෙ මේ දවස් වල ” මොනවද බං කරමු කරමු අපි මේකෙන් ගියාට පස්සෙ ආයෙ මේ වගේ එකකට සෙට් වෙන්නෙ නෑනෙ බං” හ්ම්…. බලමුකො මම හෙට ගෙදර යනව බං ගිහින් ආවම මොකක් හරි කරන්න බලමු.
කොහොම හරි සති අන්තයෙ ගෙදරට වෙලා ඉද්දි නාට්‍ය පිටපතක් ලියනව පිටපත ලියනගමන්ම නාට්‍යට ගන්න නලුවොත් තීරනය කරල ඉවරයි 🙂 බොහෝදෙනෙක් කලින් වීඩියෝ දෙක හදන්න හිටිය කට්ටියමයි. කොහොම හරි කට්ටිය එකතු කරගෙන බලද්දි අපේ නාට්‍යට ගන්න හිටපු ප්‍රදාන නලුවෙක් වෙන නාට්‍යකට ගිහින් මොනව කරන්නද හොඳ වෙලාවට ඒ චරිතෙට ගන්න පුලුවන් තව නලුවෙක් හිටිය අපිට් එක්ක අවුලක් නැටිවම ඒකට් ශේප් 🙂
දැන් තව ප්‍රස්නයක් තියනව නාට්‍යට නිලියො දෙන්නෙක් ඕන කොහෙන් කියල නිලියො හොයන්නද කියල දස අතේ කල්පනා කර කර ඉද්දි අපේ අපිට එක නිලියක් හොයාගන්න පුලුවන් උනා එත් ඉතින් තව නිලියක් හොයා ගන්න එපැයි වඩේ තියෙන්නෙ අපේ ප්‍රධාන නලුව උසින් ටිකක් අඩුයි ඒ නිසා නිලියත් උසින් අඩු කෙනෙක් වෙන්න ඕන 😛 නිලියක් හොයනව මදිවට දැන් හොයපල්ලකො උස අඩු නිලියක් 😀 කොහොම හරි දවස් ගනනක් ලැබ් වලයි කැන්ටි වලයි ලයිබ්රි එකෙයි අපි කට්ටිය මිටි කෙල්ලො හොය හොය උන්ගෙන් නාට්‍යක රගපාන්න කැමතිද කියල අහ අහ චාටර් වෙවී ඉද්දි ඒ චරිතෙටහ් ගැලපෙන නිලියක් හොයාගන්න පුලුවන් උනා අපෝ ඇති යන්තම් කියල කට්ටිය එකතුකරගෙන පිටපත බලන්න දුන්නම එකෙක්ගෙ මූන කචල් අනේ උදාන අයියෙ මට මේ චරිතෙ කරන්න බෑ බං මෙක කලොත් මම අම්භානක චාටර් වෙනව කියල ඌ මාරු උනා
මිනිහට කරන්න තිබුනෙ නපුංසකයෙක්ගෙ චරිතයක් කොහොම හරි ඒ වෙනුවට ඒ චරිතෙ බය නැතිව කරන්න පුලුවන් කොල්ලෙක් ඌ සෙට් කරල දුන්න ටික දවසක් ගියාමනෙ දැනගත්තෙ අපේ අලුත් නලුව රාජ්‍ය සම්මාණ ගත්ත ඩයල් එකක් කියල. කොහොම හරි අපේ අලුත් නලුව බය නැතිව ගැම්මටම චරිතෙ කරගෙන යනව. දැන් හැමදාම වගේ අපේ උන් ඔඩිටෝරියම් එකට ගිහින් නාට්‍ය පුරුදු වෙනව. මෙහෙම යද්දි බීමට ඇබ්බැහි උන අපේ එක නලුවෙක් නාට්‍ය පුරුදු වෙන්න එන එක ටික ටික අඩු කලා දවසක් දෙකක් බලල මෑන්ස්ටත් කියලම මෑන්ස් නාට්යෙන් අයින් කලා.
දැන් ඊට වඩා කේස් එක කොහෙන්ද අලුත් අලුවෙක් හොයාගෙන පුරුදු කරන්නෙ කියල අනික නාට්‍ය පෙන්නන්න තිබුනෙත් තව දවස් තුනක් වගේ කාලයක් වෙන විකල්පයක් නැති නිසා මම ඒ චරිතය කරන්න තීරනය කලා. දැන් ඉතින් අවසාන පෙරහුරුවත් තියල නාට්යේ පසුතලත් ඔක්කොම හදල ඉවර උනාම අපිට සංවිදායක ඇවිට් කිව්ව නාට්‍ය කරන්නෙ එලියෙ ස්ටේජ් එකක ඒ නිසා ඒකට ලෑස්ති වෙන්න කියල. එලියෙ නාට්‍ය කරනකොට සබ්දය ඇහෙනව අඩුනිසා හැමොටම මයික් දෙනව කියලට් කිව්ව. හරි එහෙනම් කමක් නෑ කියල ඔන්න කට්ටිය නාට්‍ය කරන්න කියල ස්ටෙජ් එක ලගට ගියම මම සංවිඩායකගෙන මයික් ටික ඉල්ලුව මෙන්න බොලේ මේ යකා මගෙ ඇගට කඩා පාත්වෙල කියනව පුලුවන් විදිහකට කරගන්නවල කියල. කොහෙද ඉතින් සංවිදායක කාරය වැරදිලාවත් නට්යක හිටපු එකෙක් නෙවෙලු 😦 මීට වඩා හොද්යි මූ අපි ස්ටේජ් එක උඩ තියල වෙඩි තිබ්බනම්, කියල අපේ නාට්‍ය කන්ඩායමේ එකෙක් කියනව ඇහුන ඔය වෙලාවෙදි. කොහොම හරි ඒ වෙලාවෙ සංවිදායකය මිසිං, හිටියනම් අපේ උන්ගෙන් රසට කනව මිනිහ 🙂 කමක් නෑ ඕන මගුලක් කියල අපේ උන් ටික ස්ටේජ් එකට නැගල නාට්‍ය කලා. එලිය ශබ්දය වැඩි නිසා සමහර අයට පැහැදිලිව දෙබස් ඇහිල නෑ ඒත් බහුතරයක් කිව්වෙ නාට්‍ය හොඳයි කියල. කොහොම හරි අන්තිමේදි අපේ නාට්යේ නිලියකුට හොඳම නිලිය සම්මානය ලැබුනා 🙂 කොහොම නමුත් අදටත් අර සංවිදායකය අපි දැක්කම මාරු වෙනව. ටමන් කරපු ජරා වැඩේ මිනිහටම තේරිල ඇති දැන්නම්. අපි වගේම තව කන්ඩායමකට මිනිහ මේ වගේ ලණුවක් දීල හැබැයි ඒ කන්ඩායමට අතර මගදි මයික් හම්බුන නිසා ඒ නාට්‍ය කන්ඩායම යන්තම් ජාමේ බේරා ගත්තා 🙂 ඒ නාට්‍ය කන්ඩායමෙන් තමයි හොදම නලුව තේරුනේ… වැඩ කාරයට බොරු බෑ කියන්නෙ ඕකනේ කොච්චර දුශ්කරතා තිබුනත් දක්ෂයා අවසානෙදි දිනනවා. පහලින් තියෙන්නෙ නාට්‍යහි ඡායාරූප ටිකක් 🙂 ( ඡායාරූප ගත්තෙ – සුධීර බණ්ඩාර )