මේක පාලිත පෙරේරා සර් ගැන පොඩි කථාවත් සර් හරි පුදුම චරිතයක්, මම කාලයක් ජනමාද්ය පාඨමාළාවක් හැදෑරුවා. එහිදී ප්‍රවීන මාධයවේදීන් අපට දේශන සහ ප්‍රායොගික පුහුනුව ලබා දුන්න. පාලිත සර් දවස් තුනක් අපිට දේශන පැවත්වූවා. අන්තිම දවස සර්ගෙ උපන්දිනය අපි පන්තියේ පොඩි උත්සවයක් තියල සර්ට පොඩි උපන්දින ත්යාගයක් දුන්න සර් එදා බොහොම සතුටින් ගෙදර ගියෙ . මොකද අපි එහෙම දෙයක් කරාවි කියල සර් බලාපොරොත්තුවුනේ නැති නිසා. ඔන්න ඊට පස්සෙ සතියෙ එක පාරටම පාලිත සර් පන්තියට ආව,ඇවිත් සර් පුදුම කථාවක් කිවුවා. පහුගිය සතියෙ සර්ගෙ උපන්දින උත්සවයෙන් පස්සෙ ගෙදර යද්දි සර් ගමන් ගත්ත බස් රථය අනතුරකට ලක්වෙලා, බොහෝ දෙනෙක්ට තුවාල වෙලා, ඒත් සර්ට කරදරයක් වෙලා නෑ, සර් ඊට පස්සෙ සතියෙ අපේ පන්තියට ආවෙ අපිට ස්තුති කරල යන්න. එදා සර්ගෙ උපන්දින උත්සවේ වෙලාවෙදී අපි හැමෝම සර්ට සුභ පැතුවෙ සර්ට දීර්ඝායුෂ ලැබේවා කියල. සර්ට ඒක තදින්ම හිතට කාවැදිල. ඒ නිසාම තමයි ආපහු පාරක් සර් අපේ පන්තියට ඇවිත් අපිට කථා කරල ගියේ. ඒ වගේ නිහතමානි ගතිගුණ තියන මිනිස්සු අද කාලේ බොහොම අඩුයි.
ඇත්ත.. බොහොම හොඳ නිහතමානී ගතිගුණ තියෙන මහත්මයෙක්.. ඔහුට දීර්ඝායුෂ ලැබේවා !