මේක තමයි මේ දවස් වල අපේ බයිට් කතන්දරය. නුවර ඉදන් ආපු අපේ උන් සෙට් එකක් ඉන්නව මුන් ඔක්කොම ගෙයක් අරන් එකට නැවතිල ඉන්නෙ. දන්නවනෙ ඉතින් බෝඩින්වල තියන පහසුකම් මේ බෝඩිමටම තිබුනෙ එකම එක කණ්නාඩි කෑල්ලයි, ඒකත් ඉතින් බේතට වගේ තමයි. ඉතින් අපේ උන් රැවුල් කපන්නෙයි රෑපලාවන්ය සීන් ඔක්කොම කරගන්නෙ ඔය කණ්නාඩි කෑල්ලෙන් තමයි. මේ බොඩිමේ ඉන්නව චරිතයක් නමින් කිව්වොත් බේබි කෝසල උට එහෙම කියන්න හේතුව තමයි මෑන් වැඩිපුරම පාවිච්චි කරන්නේ බේබි නිෂ්පාදන, ( බේබි සබන්, බේබි කොලොන්, බේබි ක්රීම් ) අද ලෙක්චර්ස් ආපු වෙලාවෙ ඉදන් බෝඩිමේ උන් බේබි කෝසලට බනිනව, ඒකට හේතුව බේබි කෝසල අතින් අර බේතට වගේ තිබ්බ කණ්නාඩිය බිම වැටිල බිදිල ගිහින්, අනික් උන් ඔක්කොටම ඒකට මල. කොහොම හරි අන්තිමට අපිට ආරන්චි උනා ඇත්තටම මොකද උනේ කියල. උදේ පාන්දරම බේබි කෝසල නැගිටල දත් දෙක එහෙම මැදල කණ්නාඩිය ඉස්සරහට ගිහින් අහල කැඩපත කැඩපත සුදුම සුදු දීප්තිමත් හිනාව හිමි කාටද කියල. එතකොට කැඩපත කිව්වලු ඔයාගෙ කාමරේ ඉන්න සුනෙත්ට තමයි සුදුම සුදු දීප්තිමත් හිනාව තියෙන්නෙ කියල ඒක අහපු බේබි කෝසලට මල පැනල කණ්නාඩිය පොලොවෙ ගහල 😀
මාය කැටපතක් නෙව තිබිලා තියෙන්නේ….
හිහ් හී… ඇත්ත කියන කණ්නාඩියක්!
හිකිස්
yes yes ………hiks